අද ලිපියෙන් අපි ඔබට කියල දෙන්න යන්නේ ඔබගේ වෙබ් හෝ බ්ලොග් අඩවියට ගැලපෙන Domain Name එකක් තෝරගන්නේ ගන්නේ කොහමද කියලා.
Domain Name එකක් කියන්නේ මොකද්ද?
A domain name is an identification string that defines a realm of administrative autonomy, authority, or control on the Internet. Domain names are formed by the rules and procedures of the Domain Name System (DNS). Any name registered in the DNS is a domain name.
මේ තියෙන්නේ widipedia අඩවිය Domain Name එක කියන්නේ මොකද්ද කියල හදුන්වලා තියන විදියයි.
අපි උදාහරණයකින් කිකියනවානම්යනවනම් අපගේ බ්ලොග් අඩවියේ domain name එක තමයි topsinhalablog.com කියන්නේ. Google අඩවියේ domain name එක තමයි google.com කියන්නේ.
මොනවද මේ TLD( Top Level Domain) කියන්නේ?
topsinhalablog.com කියන Domain Name එක ගත්තම ඔබට පේනවා ඇති නමේ අග තියනවා .com කියල කොටසක්. අන්න එකට තමයි Top Level Domain කියන්නේ. මෙවැනි Top Level Domain කීපයක්ම තියනවා. ඒවායින් කීපයක් පහත ඇත.
.com
.net
.info
.org
.biz
.gov
.edu
Domain Name එකක් තොරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරණු
අපි මෙහෙදී පොදුවේ කථා කරන අතර ඔබගේ අවශ්‍ය තාවය අනුව සමහර කරුණු වෙනස් විය හැක.
1. සැමවිටම .com domain name එකක්ම මිලදී ගැනීමට උත්සහ කරන්න
සමහර අය කියනවා SEO වලට පවා .com අනිත් TLD වලට වඩා හොදින් සහය දක්වනවා කියලා. ඒ වගේම හුගක් අය පුරුදු වෙලා ඉන්නේ .com domain name එකට. උදාහරණයක් ලෙස අපි topsinhalablog.net කියලා මීලදී ගත්තත් පුරුද්දට හුගක් අය පැමිනෙන්නේ topsinhalablog.com නාමයට. ඉතින් එවැනි අවස්ථාවලදී අපගේ අඩවියට එන පිරිසක් නැතිවෙන්න උනත් පුළුවන්.
2. කෙටි නමක් තෝරාගන්න
හැකි තරම් කෙටි නමක් තෝරාගැනීම ඔබගේ අඩවිය නරඹන අයට පහසුවක් වගේම ඔහුනට එය මතක තියාගන්නත් පහසුයි. ඒ වගේම කෙටි domain name සදහා Google පවා මුල් ස්ථාන ලබා දෙනවා ඔහුන්ගේ search result වල.
3. මතක තියාගන්න පුළුවන් නමක් තෝරාගන්න
ඔබට පේනවා ඇති අපගේ බ්ලොග් අඩවියේ domain name එක topsinhalablog.com. ඉතින් එය මතක තියා ගැනීමට ඉතාමත් පහසු එකක්. ඔබත් domain name එක එක තොර ගැනීමේදී හැකි තරම් එවැනි මතක තියාගන්න පුළුවන් නමක් තෝරාගන්න.
4. අර්ථවත් නමක් යොදන්න
ඔබගේ බ්ලොග් අඩවිය android ගැන නම ඔබ androidtips.com, androidblog.com, androidtricks.com, howtoandroid.com වැනි අර්ථවත් නමක් යොදන්න. SEO වලට එය ඉතාමත් ප්රයෝජනවත්ය.
Domain Name එකක් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද?
Domain Name එකක් මිලදී ගන්න පුළුවන් තැන් විශාල ප්‍රමාණයක් තිබුනත් හැම විටම ලොවම පිළිගත් තැනකින් ඔබගේ Domain Name එක මිලදී ගන්න. Namecheap යනු එවැනි ලොවම පිළිගත් අංක එකේ ආයතනයකි.
Domain Name එකක මිල කියද?
සාමානයෙන් ඔබට .COM Domain Name එකක් 10$-15$ අතර මුදලකට මීලදී ගණන පුළුවන්.