How to Add a Privacy Policy and Terms of Service Pages for Your Website or Blog?

හුගක් සිංහල බ්ලොග් වල නම් Privacy Policy සහ Terms of Service පිටු නැති උනාට ඉංග්‍රීසි භාෂාවෙන් ඇති හුගක් වෙබ් අඩවි වල Privacy Policy සහ Terms of Service පිටු දක්නට ලැබෙනවා. හුගක් රටවල එය නීතියක්ද වෙනවා. ඒ කිව්වේ ඔබට වෙබ් අඩවියක් තියෙනවානම් එම එම පිටු වෙබ් අඩවියට එකතු කිරීම අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්.

Add Privacy Terms

Privacy Policy වෙබ් පිටුවේ තියෙන්න ඕන මොනවද සහ හදාගන්නේ කොහමද?

සරලව කියනවනම් මෙහි ඔබ සදහන් කරන්න ඕනේ ඔබ වෙබ් අඩවිය භාවිතා කරන අයගෙන් ගන්න දේවල් ( IP Address, Country, Email Address වැනි දේ) ඔබ භාවිතා කරන්නේ කුමන කටයුතු වලටද යන්න.

Google Adsense වගේ Ad Networks සමග සම්බන්ද වීමේදී Privacy Policy පිටුව තිබීම ගොඩක් වටිනවා. හුගක් විට ඔබගේ Adsense එක Approve කරන්න කලින් එම පිටුව තිබෙනවාද කියලත් බලනවා.

Serprank කියන වෙබ් අඩවිය මගින් ඔබට ඉතා පහසුවෙන් Privacy Policy එකක් ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට හදාගන්න පුළුවන්.

Terms of Service වෙබ් පිටුවේ තියෙන්න ඕන මොනවද සහ හදාගන්නේ කොහමද?

“මෙම වෙබ් අඩවිය භාවිතා කරන ඔබ මෙන්න මේ මේ කරුණු වලට එකග වෙන්නේ ඕනේ”. මෙන්න මේ වගේ දෙයක් තමයි මෙම වෙබ් පිටුවෙන් වෙන්නේ. වෙනස් විදියකට කියනවානම් ඔබත් ඔබගේ වෙබ් අඩවිය භාවිතා කරන අයත් අතර ඇති Agreement එකක් වගේ දෙයක්.

Termsfeed කියන වෙබ් අඩවියෙන් Terms of Service එකක් ඔබගේ බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට හදාගන්න පුළුවන්.

 

3 Shares

You May Also Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *