Android App එකක Copy එකක් හදාගෙන එකම Phone එකේ භාවිතා කරන්නේ කොහොමද?

එකම Android Phone එකේ ඔබට Facebook App එක Account දෙකකට භාවිතා කරන්න ඕනෙද? Clash of Clans Game එක තැන් දෙකකට Install කරගෙන Game දෙකක් වගේ Play කරන්න ඕනේද?

ඉහත සදහන් කරපු Android App දෙක විතරක් නෙවේ ඔබට අවශ්‍ය ඕනෑම App එකක් මේ ආකාරයට දෙපාරක් ඔබේ Android Phone එකට Install කරගෙන භාවිතා කරන්න දැන් ඔබට  පුළුවන්.

නමුත් ඔබ Image එකක් හෝ Video එකක් Copy කරගන්න ආකාරයට ඔබට App එකක් Copy කරගෙන එම Phone එකේම Paste කරගෙන භාවිතා කරන්න පුළුවන් කමක් නෑ.

මේ සදහා ඔබට උදව් වෙන App එක තමයි App Cloner කියන්නේ. ඔබට නොමිලේම මෙම App එක Google Play වලින් Download කරගෙන භාවිතා කරන්න පුළුවන්. ඔබට එය භාවිතා කරන ආකාරය තේරෙන්නේ නැත්තම් පහල Video එක බලන්න.

වැදගත් : මෙම Android App එක නිර්මාණය කර අය කියන  ආකාරයට Whatsapp මේ දක්වා සහය නොදක්වන අතර මීට අමතරව තව සමහර Android App මේ ආකාරයට Copy එකක් භාවිතා කරමින් භාවිතා කරන්න බෑ. ඒ වගේම මේ App එක හරහා Clone කරගන්නා  සමහර App Crash වීමට වගේම නිවැරදි ආකාරයට වැඩ නොකිරීමේ සම්භාවිතාවයක් ඇත.

 

Post Comment