Home Security හි අනාගත තාක්ෂණය

මෙම ලිපිය අපිට එව්වේ “Lamudi” විසිනි.

තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමඟ ඔබගේ නිවස රැකගැනීම දැන් පෙර නොවූ අයුරින් පහසු වී තිබේ. ගෘහස්ථ තාක්ෂණයේ සිදුවන සීග්‍ර වර්ධනය හේතුවෙන් නුදුරු අනාගතයේ hyper-secure connected smart home සංකල්පයට ලඟා විය හැක.

home-security

Cross-Checking Facial Recognition

ඇතුලු වීමේ දොරෙහි facial recognition මෙවලමක් සවිකිරීමෙන් අනවසරයෙන් ඇතුලුවන්නන් පහසුවෙන් හඳුනාගැනීමට හැකිවන අතර එය සමාජ ජාලා වෙබ් අඩවි මෙන්ම පොලිස් වාර්තා හරහද සම්බන්ධ කල හැක. මෙම තාක්ෂණය ව්‍යාපාර ආයතන සඳහා වඩා සාර්ථකව යොදාගත හැකි අතර එමඟින් අනවසරයෙන් ඇතුලුවන්නන් හඳුනාගෙන ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය හැක.

Fingerprint Reader at the Front Door

දොර අගුලෙහි සවිකර ඇති මඟින් දොරගුල විවර කරන්නාගේ අනන්‍යතාවය ගබඩා කර ඇති අවසරලත් නිවැසියන්ගේ සහ අමුත්තන්ගේ දත්ත හා සසඳා තහවුරු කරගත හැක. මෙම තාක්ෂණය මඟින් ඇතුලුවන්නාගේ අනන්‍යතාව හඳුනාගත නොහැකිවිට ඔහුගේ හෝ ඇයගේ ක්ෂණික ඡායාරූපයක් ඔබගේ ජංගම දුරකථනයට හෝ ආරක්ෂක නිළධාරීන් වෙත යොමු කලද හැක.

The Full Smarthome

මෙය universal remote හා සමාන සංකල්පයකි. මෙමඟින් නිවසෙහි සියලු සේවාවන් ඔබගේ ජංගම දුරකථනය සමඟ සම්බන්ධ කල හැක. චලන සංවේදක (motion sensors) ක්‍රියාත්මක වූ වහාම එය ජංගම දුරකථනය ඔස්සේ හිමිකරුවාට දැනුම් දෙනු ලැබේ. සියලුම ආරක්ෂකල ආලෝක සහ විදුලි උපකරණ පාලනය කිරීම ජංගම උපාංග හරහා සිදුකල හැක. ඊට අමතරව හිමිකරුවාට නිවෙසට ඇතුලුවන්නන්ගේ ඡායාරූප පවා ගත හැක.

Cyber Security is Improved

නිවසෙහි ආරක්ෂාව ඇතුලු ජීවිතයේ සියලු අංශ පුරා නූතන තාක්ෂණය ව්‍යාප්තව ඇති හෙයින් අපරාධකරුවන්වද මෙම තාක්ෂණය හරහා නිවෙස් තුලට ඇතුලු වීමේ ඉඩකඩ පවතී. මේ හේතුවෙන් කිසියම් තර්ජනයක් කල්තියා හඳුනාගැනීමේ හැකියාවෙන් යුක්තව මුළුමනින්ම අපාරගම්‍ය cyber-security පද්ධතියක් තිබීම ඉතා වැදගත් වේ. මීට එක් විකල්පයක් වශයෙන් automatic IP back තාක්ෂණය හරහා අපරාධකරුවාට නොදැනී පොලීසිය වෙත සංඥාවක් යොමුකල හැක.

Source : dailymail.co.uk , lamudi.lk

Post Comment