[Video] අලුතෙන්ම ගත්ත iPhone 6 එක බිම දාලා බලමුද?

මීට දින කිහිපයකට පෙර අප පල කර Apple iPhone 6 ගැන Video කිහිපයක්ම යන ලිපියේදී අපි සදහන් කරා, iPhone 6 හි මිල ඉතාමත් අධික බව. මෙතරම් මිල අධික කුමක් නිසාද? සමහර අය හිතන්න පුළුවන් Apple iPhone 6 නිර්මාණය කරලා තියෙන්නේ හුගක් තත්ව වලට ඔරුත්තු දෙන ආකාරයට කියලා( උදා : බිම වැටීමකදී Phone එකට ඉතාමත් කුඩා හානියක් වීමට). එය ඇත්තක්ද? ඔබටම එය තේරුම් ගන්න පුළුවන් මෙම Video එක බැලුවම.

කියවන්න : ලෝකයේ වැඩියෙන්ම අලෙවි වී ඇති Mobile Phones 10

මෙම Video එක මෙම ලිපිය පල කරන අවස්ථාවේදී මිලියන 6ක පමණ පිරිසක් නරබා ඇති අතර මෙම Video එක නිර්මාණය කර ඇත්තේ ඉතා ජනප්‍රිය YouTube Channel එකක් වෙන PhoneBuff විසිනි.

Apple iPhone 6 හි නවතම දෝෂය

iPhone 6 කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් පවා නැවී ඇද වෙන බවට මේ වන විට මත පළවී තිබේ. එනම් ඉතා කුඩා බලයකින් උනත් iPhone 6 නැමෙන බවය. මේ බව ලෝකයේ ප්‍රධාන පෙලේ තාක්ෂනික බ්ලොග් අඩවි සෑම එකකම වගේ විස්තර පල වෙලා තිබුනා. නමුත් ඇපල් සමාගම පවසා ඇත්තේ එවැනි දෝෂයක් ඇතිමුත් එය සිදුවිය හැක්කේ ඉතාමත් කලාතුරකින් බවය. ඔහුන්ට ඒ සම්න්දව ලැබී ඇත්තේ ඉතා සුළු පැමිණිලි ගණනකි. බොහෝ විට සිදු වී ඇත්තේ වෙනත් දුරකථන සමාගම් විසින් මෙය විශාල දෝෂයක් ලෙස උළුප්පා දැක්වීමට කටයුතු කිරීමයි.

One Response to "[Video] අලුතෙන්ම ගත්ත iPhone 6 එක බිම දාලා බලමුද?"

Post Comment