Keyboard එක ඔබට හුරු පුරුදු නැත්ද? Type කරන වේගය වැඩි කරගන්නේ කොහමද?

Typing speed එක වැඩි කරගන්න අපි හැමෝම උනන්දුවක් දක්වනවා. හුගක් අය කියන කතාවක් තමයි Typing Speed එක වැඩි වෙලා තියෙන්නේ නම් Facebook Chat කරලම තමයි කියලා. මොනයම් ආකාරයකින් හෝ Typing speed එක වැඩි වෙන එක අපේ එදිනෙදා වැඩකටයුතු ඉක්මනට කරගන්න උදව්වක් දෙනවා. සමහර අය මිනිත්තුවකට වචන 10 ක් Type කරන කොට තවත් සමහර අය මිනිත්තුවකට වචන 60ක් විතර Type කරනවා. පුහුනුවීමෙන් අනතුරුව මිනිත්තුවකට වචන 60ක් පමණ Type කරන එක පහසු දෙයක්.

Typing Speed

Type කරන වේගය වැඩි කරගන්නේ කොහමද?

අපි ඔබට පහතින් දීලා තියනවා Typing speed එක වැඩි කරගන්න උදව් වෙන වෙබ් අඩවි කිශිපයක්ම.

1. Typingtest.com

මෙම අඩවිය මගින් ඔබට පුළුවන් ඔබටත් මිනිත්තුවකට වචන කියක් පමණ Type කරන්න පුලුවන්ද කියලා දැනගන්න. Register වෙන්නේ නැතිවම ඔබට පුළුවන් Online Test කැමති ප්‍රමාණයක් කරන්න.

2. 10fastfingers.com

මෙම වෙබ් අඩවියත් Typingtest.com වලට සමාන අතර ඔබ Register වෙනවනම් ඔබට අනිත් අයත් එක්ක තරග කරන්නත් පුළුවන්.

3. Freetypinggame.net

මෙම වෙබ් අඩවිය මගින් ඔබට පුළුවන් Online Games ගහන ගමන් ඔබගේ Typing speed එක වැඩි කරගන්න.

4. Speedtypingonline.com/typing-test

මෙම වෙබ් අඩවියත් ඉහත අපි සදහන් කරපු පළවැනි සහ දෙවැනි වෙබ අඩවි වලට බෙහෙවින් සමනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *