Last.fm සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ Brazzers වෙබ් අඩවියත් Hack වෙයි

ශ්‍රී ලංකාව තුල වෙබ් අඩවි හැක් වීම පිලිබදව වැඩියෙන් කතා කරන්න ගත්තේ මීට දින කිහිපයකට පෙර අපේ රටේ ජනදිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කිරීමත් සමගයි.

ශ්‍රී ලංකාව තුල එසේ වෙද්දී, ලොව පුරාත් වෙබ් අඩවි හැක් වීම පිළිබද බොහෝ තාක්ෂණික බ්ලොග් අඩවි වල ලිපි පල උනා.

Dropbox හැක් වීම පිලිබදව ලිපිය අපි ගිය සතියේ පල කරෙත් ඒ නිසයි.

විදේශ තාක්ෂණික බ්ලොග් වලට අනුව  Last.fm සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ Brazzers වෙබ් අඩවියත් Hack වෙලා තිබෙනවා. Brazzers වෙබ් අඩවියේ Accounts 800,000 ක පමණ විස්තර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ලංකාවට එය ලොකු ප්‍රශ්නයක් නොවුනත් විදේශ රටවල සමහර අයට නම් එය මේ වෙන විටත් විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන බවයි ආරංචි වෙන්නේ.

Last.fm වෙබ් අඩවියේ Password මිලියන 43 ක් Hack වෙලා තිබෙනවා. පහලින් අපි සදහන් කරලා තියෙන්නේ එම Password වලින් වැඩිම වශයෙන් භාවිත වෙලා තියෙන Password. පහත Password List එක බැලුවම අපට පැහැදිලිව තේරුම් යන දෙයක් තමයි Strong Password භාවිතා කරන්න කිව්වට බොහෝ දෙනා තවමත් weak Password භාවිතා කරන බවයි.

Rank Password Frequency
1 123456 255,319
2 password 92,652
3 lastfm 66,857
4 123456789 63,984
5 qwerty 46,201
6 abc123 36,367
7 abcdefg 34,050
8 12345 33,785
9 1234 30,938
10 music 27,975
11 12345678 25,876
12 111111 25,313
13 abcdefg123 21,555
14 aaaaaa 19,098
15 123123 18,147
16 123 17,225
17 liverpool 17,191
18 1234567 17,168
19 000000 16,941
20 monkey 16,787

 

One Response to "Last.fm සහ වැඩිහිටියන්ට පමණක් සීමා වූ Brazzers වෙබ් අඩවියත් Hack වෙයි"

Post Comment