Mark Zuckerberg ගේ Online Account ත් Hack වෙලාද?

Chanux පල කරන ලද අලුත්ම Video එකක් තමයි මේ. එම Video එකට අනුව Mark Zuckerberg ගේ Twitter Account එක Hack වෙලා තියෙනවා.  මේ බව තාක්ෂණික ලෝකයේ ප්‍රබල  බ්ලොග් වන The Guardian වගේ බ්ලොග් අඩවිත් සදහන් කරලා තියෙනවා.

ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද?

Chanux ගේ Video එකට අනුව වෙලා තියෙන්නේ මේකයි. ඔබ දන්නවනේ මීට දින කිහිපයකට පෙර LinkedIn වෙබ් අඩවියේ Password මිලියන ගණනක් Hacker කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධ කරලා තිබුනනේ. එහිදී Mark  විසින් LinkedIn වෙබ් අඩවිය සදහා භාවිතා කරන ලද Password එකත් තිබිලා.

එම Password එකම තමයි Mark භාවිතා කරලා තියෙන්නේ Twitter වෙබ් අඩවියට. ඒ නිසා තමයි ඔහුගේ Twitter Account එකත් Hack වෙල් තියෙන්නේ. නමුත් පුදුමයට කරුන Mark වගේ කෙනෙක් එකම Password එක වෙබ් අඩවි කිහිපයකට භාවිතා කිරීමටත් වඩා ඔහු භාවිතා කර ඇති Password එක ඉතා දුර්වල Password එකක් වීමයි. එම Password එක තමයි “Da Da Da”.

මෙහින් ඔබ ඉගන ගත යුත්තේ කුමක්ද?

ප්‍රධානම දේ තමයි එකම Password එක වෙබ් අඩවි කිහිපයකට භාවිතා කරන්න එපා. ඒ වගේම Strong Password එකක් යොදාගන්න.

 

2 Comments

    1. හැක් කරන එක ගේමක්.නෙවෙ බං අවශ්‍ය දේවල් තියෙනවානම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *