60 Shares

Photoshop කියන්නේ ලෝකයේ තියන හොදම Raster Graphics Editor එක විදියට හදුන්වන්න පුළුවන්. Photoshop කරන්න පුළුවන් වැඩ ගණන අසීමිතය. අපි මීට පෙර පල කරන ලද Photoshop වලින් ඇඟ හදාගන්නේ කොහමද? කියන ලිපිය බැලුවනම් ඔබට තේරෙයි මේ වගේ දේවලුත් Photoshop වලින් කරනන් පුළුවන් නේද කියලා.

Photoshop Sinhala Tutorials

ඔබට සරල Graphic Design සම්බන්ධ දෙයක් කරගන්න නම් කිසිම Software එකක් නැතිව ඕනෑම Photo එකක් Edit කරන්න පුළුවන් Online Tools භාවිතා කරලා. නමුත් සංකීර්ණ Graphic Design එකකට නම් Photoshop වගේ Software එකක සහය ගන්න වෙනවා.

Photoshop ගැන

මීට වසර 25 කට පමණ පෙර Photoshop නිර්මාණය කරේ Thomas සහ John Knoll යන දෙදෙනා විසින්. මේ වෙන විට භාෂා 25 කින් පමණ photoshop තිබෙන අතර මෙය මිල අධික Software එකක් ලෙස සලකන්න පුළුවන්. මෙම ලිපිය ලියන අවස්ථාවේ Photoshop Single App එකක් මිල US$239.88(per year). එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 40,000 කට වැඩි මුදලකි(වසරකට).

Photoshop Sinhala Tutorials

අන්තරජාලයේ ඇති නොමිලේම ඉගනගන්න පුළුවන් Photoshop Tutorials තිබෙන බ්ලොග් ,වෙබ් අඩවි සහ YouTube Channels ගැන පහලින් ඔබට කියවන්න පුළුවන්.

1. Gurulk : Photoshop ගැන Video Tutorials 60කට අධික ගණනක් ඇති නමුත් ඇත්තේ පරණ සංස්කරණයන්ට අදාල Videos. නමුත් Photoshop ඉගන ගන්න ඒ Videos නිර්දේශ කරන්න පුළුවන්.

2. SLPhotoTutorial: SLPhotoTutorial යනු subscribers 75,000 කට වඩා වැඩි ශ්‍රී ලංකාවේ ජනප්‍රියම YouTube channel එකක්. Photoshop ගැන Sinhala Videos 47 ක් ඔහුගේ channel එකේ තියෙනවා.

3. CREATIVEART LK: Sinhala Photoshop Tutorials 32ක් මේ වන විට මෙම channel එකේ ඇත. ඒවා Phoshop Basic Tutorials සහ Photoshop Advanced Tutorials ලෙස වෙන් කර ඇත.

මෙම ලිපියට Photoshop Sinhala eBook (pdf) කිහිපයක් එකතු කීරීමට සිටියත් එය සොයාගැනීමට හැකි උනේ නා. ඔබ සතුව Photoshop Sinhala Lessons PDF ඇත්නම් අපට එවන්න.

Photoshop ඉගෙන ගැනීමට කොතරම් කාලයක් ගතවෙයිද?

ඉගෙන ගැනීම කියන එක කවදාවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ කොතරම් ඉගෙන ගත්තත් ඔබට තව ඉගෙන ගණන් දේවල් තියනවා. Photoshop වලටත් එය ඒ  විදියටම අදාලයි. නමුත් ඔබට අවම වශයෙන් දවසකට පැය දෙක  බැගින් අඩුම මාස දෙකක් Photoshop ඉගෙන ගන්නා ගමන් පුහුණු වෙන්න පුළුවන් නම් Photoshop වලින් ඕනෙම ආකාරයක නිරමාණයක් කිරීමේ හැකියාව ලබාගන්න පුළුවන්. නමුත් ඔබ මතක තබා ගත යුතු කරනවා වන්නේ Photoshop වැනි දෙයක් ඉගෙන ගත්ත සැනින් එහි ප්‍රවීනයෙක් වීම අපහසුය. ඔබ ඒ සදහා පුහුණු වීම් කිරීම අත්‍යවශය. ඔබ Photoshop වලට අකමැතිනම් Adobe Photoshop වෙනුවට භාවිතා කල හැකි තව Software විශාල ප්‍රමාණයකුත් තිබෙනවා.

60 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 10 Comments

  1. hasitha prasad

    matath me dawas wala photoshop pissuwak hadila thiyenne. post eke hariyata watinawa godak stutiy. jayawewa.

  2. krishan

    plx mata photoshop tute’s ewanawadaaaaaaaaa sinhala

    1. Chamidu

      Youtube eke DeshanBro kiyala search karanna aluthma tutes

  3. Ashan Thushara

    E mony ?? Nadda

  4. ashi

    Good luck☺…

  5. දේශික

    ඉගෙනගෙන හොද දැනීමක් ගන්න පුලුවන්

  6. aruna

    niyamai

  7. Pasindu

    matath invite ekak daannakoo….photoshop nodath igeneemata aasa karana pisseki

  8. Asintha

    meke thiyana website walata yanna bane

  9. Saminda gumawardene

    Aththatama godak watinawa ….thanks

Leave a Reply