Rocket Internet Launches Kaymu.lk – Sri Lanka’s First Online Marketplace


Kaymu.lk

Roket Internet කියන ලෝකයේ ලොකුම Online Incubator එක, ශ්‍රී ලාංකිකයන් මීට අවුරුදු දෙකකට පමණ පෙර අහලා තිබුනේ නැති දෙයක්. ඒ වගේම අපිට උපකල්පනය කරන්න පුළුවන් තාක්ෂණික වෘර්තිකයන් හැරෙන්න අනිත් පිරිසට මේ සම්බන්දව ලොකු දැනුමක් නෑ කියල. නමුත් වර්තමානයේ ඔහුන් රටවල් 50කටත් වඩා ව්‍යාප්ත වෙලා තිබෙන අතර මහද්වීප 5 යේ කාර්යාල 25 කට වඩා පිහිටුවා ඇත. ඒ විතරක් නෙවේ Roket Internet විසින් සමාගම් 100කටත් වඩා launch කරලා තියනවා.

ඔහුන්ගේ ව්‍යාපාර වල ස්වභාවය තමයි නිවැරදි වගේම සාර්ථක transaction based online models, lanunch කරන එක. ඒ විතරක් නෙවේ ඔහුන් ලාභ ලබා ගන්නේ ව්‍යාපාර සමහර සමාගම් වලට විකිණීම තුලින්. ඒවාට උදාහරණ විදියට CityDeal එක US ඩොලර් මිලියන 26කට Groupon එකට විකිණීම, Alando සහ Wimdu , eBay වෙත US ඩොලර් මිලියන 90 කට සහ US ඩොලර් මිලියන 50 කට විකිණීම හදුන්වන්න පුළුවන්.

ඔහුන්ගේ දක්ෂතාවය වන්නේ කුමන කලාපයක් උනත්, කුමන රටක් උනත්, කුමන නගරයක් උනත් නව වෙළදපොල ඉතා ඉක්මනින් හදුනා ගැනීමට හැකි වීමයි. මිලියන 20.48 කට වඩා සිටින ශ්‍රී ලංකාවෙත් ඔහුන් හදුනා ගත්තේ එහම කියලා තමයි අපිට පෙන්නේ. ශ්‍රී ලංකාව තුල අති විශාල උද්යෝගයක් තියෙනවා e-commerce වලට. මේකට ප්‍රධානම හේතු විදියට හදුන්වන්න පුළුවන් Retail Stores ශ්‍රී ලංකාව තුල අඩු වීම සහ කුඩා කුඩා නගර වලින් Online Shopping වලට විශාලා ඉල්ලුමක් පැමනීම. මේ වන විට online ව්‍යාපාර විශාල ප්‍රමාණයක් නොයෙක් Industries එක්ක ගනුදෙනු කරන අතර ඒවගෙන් හුගක් ඒවා පසු පස ඇත්තේ Roket Internet.

ශ්‍රී ලංකාවේ ප්‍රථම Rocket Venture එක වන Kaymu වල අරමුණ තමයි විකිණුම් කරුවනට වගේම ගනුදෙනු කරුවන්ට හොද Platform එකක් හදලා දෙන එක. මෙහිදී ප්‍රධාන වශයෙන් ගෘහ උපකරණ සහ පොත් පත් වගේම, විලාසිතා වලට අයත් දේවල් වල සිට විද්‍යුත් උපකරණ දක්වා දේවල් වගේ හුවමාරු වෙනවා. වර්තමානයේදී Nigeria වල සිට ක්‍රියා කරන මෙය ගිනිකොන දිග ආසියාව දක්වා පතුරන්න සැලසුම් කරලයි තියෙන්නේ. ඒවා Lahore වල ප්‍රදේශික ප්‍රධාන කාර්යාලය මගින් පාලනය වනු ඇත. Kaymu ජාතියන්තරව පිළිගත් විදියට සේවාව, බෙදා හැරීම වගේම පාරිභෝගික සේවාවත් ලබා දෙයි කියලා අපිට බලාපොරුත්තු වෙන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *