ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Sinhala Forum එක බවට ඔබේ Forum එක පත් කරගන්නේ කොහමද?

ලංකාවේ ජනප්‍රියම Sinhala Forum එකක් හදන හැටි කියලා දෙන්න තමා අද ලිපිය වෙන් කරන්නේ.  Forum එකක් හදනවා කියන එක ඇත්තටම පහසු වැඩක්. ඔබට තිබෙන්නේ Web Hosting මිලදී ගෙන Forum Script එකක් භාවිතයෙන් Forum එක හදන එක. මිනිත්තු 30ක් වත් යන්නේ නෑ ඒ වැඩේට.

නමුත් ඔබ සාදන Forum එක නිවැරදිව පවත්වාගෙන ගිහින් ඒක ලංකාවේ ජනප්‍රියම Forum එක කරන එකනම් අමාරු දෙයක්. අන්න ඒකට මගපෙන්වීමක් විදියට තමයි අපි මේ ලිපිය ලියන්නේ.

Sinhala Forum

Forum Script එක තෝරා ගැනීම

Forum Script කිහිපයක්ම තිබුනත් Vanilla Forum එක තමයි ශ්‍රී ලංකාවට වැඩියෙන්ම ගැලපෙන්නේ. නමුත් ලංකාවේ ජනප්‍රියම Forum එක වෙන  Elakiri එක හදලා තියෙන්නේ vbulletin වලින්. වර්තමානයේ Forum කලාව බැලුවම  Vanilla Forum එකට ලොකු ඉල්ලුමක් තියනවා ලංකාවෙන්.

නීති රීති මාලාව

Forum එකක් උනහම අනිවාර්යෙන් නීති රීති මාලාවක් තියෙන්නම ඕනෑ. ඒ වගේම හොදම යහළුවට එක නීතියකුයි අනිත් අයට තව නීතියකුයි තියෙන්න බෑ. එහෙම උනාම ඒක Forum එක ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න බලපානවා.

නමුත් ක්‍රියාකාරී සාමජිකයන් සදහා විශේෂ වරප්‍රසාද තියෙන්න පුළුවන්. ඒක Forum එකක තියන ගති ලක්ෂණයක්.

Moderator

ඔබට Forum එක තුල පැය 24ම ඉන්න බැනේ. නමුත් ඔබ නැති වෙලාවල් වලදී Forum එකේ තිබෙන නීති රීති කැඩෙන්න  බෑ. එම නිසා Forum එක නිතරම බලා ගැනීමට තවත් සාමාජිකයන් අඩුම ගන්නේ තුනකවත් ඕනෑ. ඒ වගේම ඔහුන් ඉතමත් විශ්වාසවන්ත අය වෙන්නත් ඕනෑ. මොකද ඔහුන් වැරදි දේවල් කරනවානම් ඒක Forum එකට පැහැදිලිව බලපානවා.

රණ්ඩු සරුවල් පාලනය කිරීම

ලංකාවේ Forum = රණ්ඩු සරුවල් කියන එකත් ප්‍රසිද්ධ කතාවක් වෙලානේ දැන් . ඒවා පාලනය කල යුතුම වෙනවා.

Post Delete කිරීම සහ Close කිරීම

නීති රීති වලට පටහැනි පොස්ට් එකක් දුටුවම හැකි සැම විටම පොස්ට් Delete කරන්නේ නැතිව Close කරන්න බලන්න. ඒ වගේම Close කරන්නේ ඇයි කියන එක පැහැදිලිව සටහන් කරලා Close කරන්න. විනිවිද භාවයක් තිබෙන එක වටිනවා.

Forum එක ඔබේ නෙවේ

සැම විටම Forum එක ඔබේ නොවේ, Forum එක සාමාජිකයන්ට අයිති දෙයක් බව හැගවෙන විදියට කටුයුතු කරන්න. ඇත්තටම සාමාජිකයන් නිසා තමයි Forum එකක් රැදී තිබෙන්නේ.

සාමාජිකයන්ගේ ප්‍රශ්න විසදන්න

සාමාජිකයෙක් Forum එක ගැන ප්‍රශ්නයක් ඇහුවම අනිවාරයෙන් ඒකට උත්තර දෙන්න. කවදාවත් ඒවා Delete කරන්න එපා. ඒ වගේම සාමාජිකයන් අසන අනිත් ප්‍රශ්න වලටත් හැකි තරම් උත්තර දෙන්න බලන්න.

හොද ලිපි පලකන්න

සාමාජිකයන්ම පොස්ට් දානකන් ඉන්න එපා.  ඔබත් වැදගත් පොස්ට්  හැකි සැමවිටම පලකරන්න.

කාලය අත්‍යවශයි

Forum එකක්  හරියට පවත්වාගෙන යනවනම් ඒ වෙනුවෙන් සැලකිය යුතු කාලයක් ඔබ වෙන් කල යුතුමයි.

වෙනත් වෙබ් අඩවි වලට වගේම පුද්ගලයන්ට අපහාස කරන්න දෙන්න එපා

ඔබගේ Forum එක හරහා වෙනත් වෙබ් අඩවි වලට හෝ පුද්ගලයන්ට අපහාස කරන්න දෙන්න එපා.

ඔබට මේ සියලු දේවල් කරන්න පුළුවන් නම් පටන් ගන්න Forum එකක් අදම. ඒක ලංකාවේ ජනප්‍රියම Forum එකක් බවට අනිවාර්යෙන්ම ඔබට පත් කරගන්න පුළුවන්.

3 Responses to "ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Sinhala Forum එක බවට ඔබේ Forum එක පත් කරගන්නේ කොහමද?"

  1. ඉතා වැදගත් ආර්ටිකල් එකක් , මමත් මගේ ෆොරම් එක ඔය සියලු දේවල් වලින් ඉස්සරහට ගනන් ට්‍රයි කරන්වා. එත් මෙකෙදි ක්‍රියාකාරී සාමජිකයෝ හොයගන්න ටිකක් අමාරුයි, ස්ර්ච් රිසල්ට්ස් වලින් අවොත් තමයි…

    Reply
  2. හරි. ඒත් මේකට සාමාජිකයෝ එකතු කරගන්නේ කොහොමද? ඒ කිව්වේ ඒ ෆෝරම් එක ජනප්‍රිය වෙන්නේ කොහොමද? ඉන්ටනෙට් එකෙ ඉන්න අනිත් අයට මේ ෆෝරම් එක ගැන දැනගන්න සලස්වන්නේ කොහොමද?

    Reply

Post Comment