[Video] සිරියාවතීගේ Fake Profile එක

1 Like 2 Comments

Facebook කියන්නේ අන්තරජාලය භාවිතා කරන හැම කෙනෙක්ම වගේ භාවිතා කරන Social Network එක ලෙස පහසුවෙන් හදුන්වන්න පුළුවන්. මෙම වසරේ මුලම අපි ඉදිරිපත් කරපු 2013 වසරේ Facebook වල වැඩ කිඩ නම් ලිපිය බැලුවනම් ඔබට හොදටම තේරෙයි Facebook වෙබ් අඩවිය සමග මිනිස්සු මිලියන ගානක් නිරන්තරයෙන් සම්බන්ද වී සිටින ආකාරය.

Video Katha මගින් මෙවර ඉදිරිපත් කර ඇති “සිරියාවතීගේ Fake Profile එක” නම් Video එක මගින් Fake Facebook Profile හදුනාගන්නේ කොහමද කියලා, කියලා දීලා තියනවා. ඔබ දන්නවා පසුගිය මාස කිහිපය ඇතුලේ Facebook නිසා මරණ කිහිපයක්ම සිදු උනා. ඒවට වග කියන්නේ ඕනේ Facebook නෙවේ. Facebook නිසි ආකාරව පාවිච්චි කරන්න දන්නේ නැති අපිම තමයි.

ඒවගෙන් එක මරණයකට Facebook Fake Profile එකක් කෙලින්ම සම්බන්දයි. එවැනි දේවල් නිසා මෙම Video එක Facebook භාවිතා කරන හැම කෙනෙක්ටම වගේ වැදගත් Video එකක්.

About the Author: TSB Team (Admin)

අපගේ බ්ලොග් අඩවිය හරහා ඔබගේ ව්‍යාපාරය හෝ වෙබ් අඩවිය ප්‍රචාරණය කර සාර්ථක ප්‍රතිපල ලබාගන්න. Web Design, SEO සේවා සදහා topsinhalablog@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

2 Comments

  1. Pingback: Magic පිටුපස ඇති විද්‍යාව
  2. Pingback: සුභ අලුත් අවුරුද්දක් වේවා 2015 - පසුගිය වසරේ ජනප්‍රියම ලිපි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *