Skype video call එකක් record කරන්නේ කොහමද?

Skype කියන්නේ අන්තරජාලය හරහා නොමිලේම call ගන්න පුළුවන් (Skype to Skype) ඉතා වටිනා app එකක්. ඔබට සුළු මුදලක් ගෙවා අවශ්‍ය නම් ගෙදර ඇති දුරකථන වලට මෙන්ම ජංගම දුරකථන වලටත් call ගන්න පුළුවන්.

මුලින්ම 2003 අගෝස්තු මාසයේ නිකුත් කරපු Skype, 2011 වසරේදී Microsoft විසින් බිලියන 8.5$ මුදලක් ගෙවා මිලදී ගත්තා.

skype video call

Skype video call එකක් record කරන්නේ කොහමද?

Skype app එක video call එකක් record කිරීමේ පහසුකම ඔබට ලබාදෙන්නේ නෑ. එම නිසා Skype video call එකක් record කරීම සදහා ඔබට වෙනත් app එක්ක හෝ add-on එකක් භාවිතා කරනන් වෙනවා.

1. Evaer

Evaer හරහා ඔබට පහසුවෙන්ම Skype Video Calls මෙනම Skype Audio Calls, record කරගන්න පුළුවන්. Trial Version එකේදී record කරන්න පුළුවන් මිනිත්තු 5ක් විතරයි. අසීමිතව record කරන්න ඕනේ නම් ඔබට එය 19.95$ වලට මිලදී ගන්න වෙනවා. 30-days money-back guarantee එකක් දෙන නිසා ඔබගේ මුදල් බය වෙන්නත් ඕනේ නෑ.

2. Pamela

Skype Video Calls වගේම Audio Calls record කරන්න පුළුවන් මෙම software එකත් ඔබ මිලදී ගෙන භාවිතා කරන්න ඕනේ software එකක්. 30 day trial එකක් ඔබට නොමිලේම download කරගන්න පුළුවන්.

3. Free Video Call Recorder for Skype

මෙයනම් සම්පුර්ණයෙන්ම නොමිලේ භාවිතා කරනන් පුළුවන් software එකක්. ඔබ මුදල් ගෙවා ඉහත software මිලදී ගන්න අකමැතිනම් 28MB පමණ වන මෙම software එක ඔබට නොමිලේම download කරගෙන Skype Video Calls වගේම Audio Calls record කරන්න පුළුවන්.

Post Comment