WordPress බ්ලොග් එකකට තියන හොදම WordPress Comments Plugins මොනවද?

WordPress බ්ලොග් කරන අයට මේක ගොඩක් වැදගත් වෙයි. WordPress බ්ලොග් එකකට තියන හොදම WordPress Plugins මොනවද? ඒවගේ වාසි අවාසි මොනවද?

WordPress බ්ලොග් එකකට භාවිතා කරන්න පුළුවන් WordPress Comment Plugins කිහිපයක්ම තියනවා. WordPress.ORG භාවිතයෙන් හදපු බ්ලොග් අඩවියක විතරයි මේවා භාවිතා කරන්න පුළුවන්.

http://topsinhalablog.com/wordpress-com-vs-wordpress-org/

1. Disqus Comment System ( https://wordpress.org/plugins/disqus-comment-system/ )

මේ Plugin එක විශාල බ්ලොග් ගණනාවක් භාවිතා කරනවා. ලෝකයේ ජනප්‍රියම බ්ලොග් වැඩිම පිරිසක් භාවිතා කරන්නේ මේ බ්ලොග් එකයි. Spam කරදරෙන් බේරෙන්න යම්තාක් දුරකට උදව් වන Plugin එකක්.

2. CommentLuv ( https://wordpress.org/plugins/commentluv/ )

මේ Plugin එක ඔබ භාවිතා කිරීමේදී, Comment එකට යටින් Comment එක දාපු කෙනාගේ බ්ලොග් එකේ Post එකට link එකක් auto එකතු වෙනවා. Spam Comment වලින් බේරෙන එක හරිම අපහසුයි. නමුත් මේ Plugin එක භාවිතා කිරීමෙන් Comment count එක වැඩි කරගන්න පුළුවන්.

3. Facebook Comment ( https://wordpress.org/plugins/facebook-comments-plugin/)

හැමෝම වගේ මේ ගැන නම් දන්නවනේ. Facebook comment SEO වලට සහය දක්වන්නේ නෑ කියලා කීප තැනකම සදහන් වෙලා තියනවා.

4. IntenseDebate Comments ( https://wordpress.org/plugins/intensedebate/ )

WordPress නිර්මාණය කරපු අයම develop කරපු plugin එකක් තමයි මේ. නමුත් මේ Plugin එකට ලැබී තිබෙන rating එකනම් අඩුයි. Gossip Lanka news වෙබ් අඩවිය එහම භාවිතා කරන්නේ මේ comment sytem එකේම Blogger වලට සහය දක්වන එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *