WordPress වලින් බ්ලොග් එකක් හදන එක Blogger වලින් බ්ලොග් එකක් හදනවාට වඩා හොද ඇයි?

සිංහල බ්ලොග් කරන අයගෙන් 90% ටත් වඩා බ්ලොග් හදන්නේ Blogger.COM වලින්. නමුත් WordPress කියන්නේ Blogger වලට වඩා ගොඩක් පහසුකම් තියන Blogging Platform එකක්.

මෙම ලිපියේදී අපි සදහන් කරන්නේ WordPress.ORG ගැන (WordPress.COM ගැන නොවේ)

කියවන්න : WordPress.COM වලයි WordPress.ORG වලයි වෙනස මොකද්ද?

Blogger වල තියන එක අවාසිදායක තත්වයක් තමයි Blogger වල අයිතිය Google සතු වීම. බ්ලොග් එක ඔබේ කිව්වට Google එකට ඕනෑම වෙලාවක ඔබගේ බ්ලොග් එක Delete කිරීමේ අයිතිය තියනවා. සිංහල බ්ලොග් කරන අයගේ බ්ලොග් කිහිපයකම එහෙම අහිමි වෙලත් තිබෙනවා.

Google සමාගම Google Reader සම්පුර්ණයෙන්ම ඉවත් කරේ එය භාවිතා කරන අය මිලියන ගණනක් ඉන්න කොට. Blogger වලට එහෙම  නොකරයි කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද?

Blogger vs WordPress

1. Blogger වල ඇති Limits : Blogger වල සීමා කිරීම් ගොඩක් තියනවා. ඒ ගෙන අපි Blogger වල වාසි සහ අවාසි ලිපියේදී සදහන් කළා. එවැනි අවාසි WordPress වල නෑ.

2. WordPress Plugins : දහස් ගණනක් තිබෙන WordPress Plugins වලින් කරන්න බැරි දෙයක් නැති තරම්. ඔබට හිතට එන ඕනෑම දෙයක් කරන්න පුළුවන් ගානට WordPress Plugins තියනවා.

3. WordPress Themes : Blogger වලට සාපේක්ෂව විශාල වාසියක් නම් මේකේ නෑ. හේතුව වර්තමානයේ ඉතාමත් හොද Blogger Templates තියනවානේ.

4. SEO Friendly : Blogger බ්ලොග් එකකට වඩා Search Engine වලින් Traffic ගන්න එක WordPress බ්ලොග් එකකට ලේසි. Yoast වගේ SEO Plugin එකක් භාවිතා කරමින් බ්ලොග් පොස්ට් SEO Friendly විදියට හදාගන්න එක පහසු දෙයක්.

සටහන

අපි මෙහි සදහන් කරේ WordPress බ්ලොග් එකක තියන වාසි කිහිපයක් විතරයි. ඒ වගේම WordPress බ්ලොග් එකක් හදනවානම් ඔබට Hosting අවශ්‍ය වෙනවා. අඩු මිලකට හොද තැනකින් hosting මිලදී ගන්නේ කොහමද කියලා අපි ඊලග ලිපියෙන් කියන්නම්.

2 Comments

  1. Pingback: WordPress බ්ලොග් එකට Hosting - අවුරුද්දටම 12$ - GoDaddy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *