ඔබගේ වෙබ් අඩවියටත් forum එකක් එකතු කරගන්න ඔබ කැමැතිද? ඔබට PHP වැනි Server-side HTML embedded scripting language එකක් ගැන දැනුමක් නොමැති උනත් දැන් ඉතා පහසුවෙන් ඔබට forum එකක් නිර්මාණය කර ගත හැකිය.ඒ සදහා script විශාල ප්රමාණයක් ඔබට අන්තර්ජාලයෙන් මුදල් ගෙවා හෝ නොමිලේ ලබා ගත හැකිය.
නමුත් ඔබට PHP සහ MySQL ගැන හොද අවබෝදයක් තිබීම forum එක දියණු කර ගැනීමේදී ඉතාමත් ප්රයෝජනවත් වේ.
මෙම forum softwares අත් හදා බැලීම සදහා ඔබට free web hoting සේවාවක් භාවිතා කල හැකි අතර ඔබ හොදම forum එකක් නිර්මාණය කරන්නට යනවනම් හොදම web hosting සේවාවක් තොර ගැනීමට සැලකිලිමත් වන්න.
හොදම Forums Script 5
1. vBulletin
vBulletin යනු ලෝකයේ ප්රසිද්දම forum software එක ලෙස හැදින්විය හැක. ශ්රී ලංකාවේ ප්රසිද්දම forum අඩවිය වන Elakiri අඩවිය සාදා ඇත්තේද vBulletin යොදාගෙනය. නමුත් මෙය free script එකක් නොවේ. මෙය $449 ක් ගෙවා මිලදී ගත යුතු script එකක් වේ.
2. Invision Power Board
මෙයත් මුදල් ගෙවා මීලදී ගත යුතු ඉතා හොද forum software එකකි. $175 ට මෙය ඔබට මිලදී ගත හැකිය.
3. MyBB
PHP සහ MySQL මුලික කරගෙන නිමවා ඇති MyBB, Open Source Forum Software එකකි. එනම් ඔබට මෙය නොමිලේම අන්තර්ජාලයෙන් download කර ගත හැකිය.
4. phpBB
phpBB ද Open Source Forum Software එකකි. මෙයද ඔබට මෙතනින් නොමිලේ download කරගත හැකිය.
5. Vanilla Forums
ලංකාවේ ජනප්රියම තාක්ෂණික forum එක වන Geek.lk නිර්මාණය කර ඇත්තේ Vanilla Forum Software එක යොදාගෙනය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය අතුරු මුහුණතින් අනිත් forum softwares වලට වාඩා වෙනස් අතර එය සිත්ගන්නා සුළුය.
Pingback: Social Network එකක් නිර්මාණය කරමු | හොදම Social Network Script 4
Pingback: ශ්රී ලංකාවේ ජනප්රියම Sinhala Forum එක බවට ඔබේ Forum එක පත් කරගන්නේ කොහමද?
Ela machan post eka vatinawa.