2019 September මාසයේ අපේ බ්ලොග් අඩවියට ආපු Client කෙනෙක්ට අපගේ SEO Audit සේවාව ලබාගන්න අවශ්‍ය උනා. ඔහු අපිට කතා කළා. ඔහුගේ වෙබ් අඩවියේ විස්තර සහ ඔහුට Google එකෙන් වෙබ් අඩවියට එන අය වැඩි කරගන්න ඕන විදිය සහ ඔහුගේ අරමුණු අපිත් එක්ක සාකච්චා කළා.
ඔබ මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබගේ දුරකථන අංකයත් සමග ranukaweb@gmail.com ලිපිනය හරහා අපිව සම්බන්ද කරගන්න
2019 September මාසයේ Google වලින් ඇවිත් තිබුනු 1,129 Users ලා ගණන අපිට 2020 April මාසය වන විට 6,058ක් එනම් 436.58% කින් වැඩි කරන්න පුළුවන් උනා.
අපිට SEO Audit එකක් කරන්න අවාම Budget එකේ හැටියට දේවල් 50 සිට 200 ක් වගේ දේවල් පරික්ෂා කරලා බලනවා. පරික්ෂා කරලා බලලා ඒවගේ තියෙන අඩු පාඩු මොනවද සහ ඒවා නැති කරගන්නේ කොහමද කියන එකයි අපේ SEO Audit සේවාව හරහා ලබා දෙන්නේ.
ඉහත වෙබ් අඩවියත් පරික්ෂා කරලා බැලුවට පස්සේ තිබුන වැරදි එහෙම නැත්තම් Imporve කරගන්න පුළුවන් දේවල් වලින් ප්‍රධන දේවල් කිහිපය අපි ඔබට මෙතන පල කරන්නම්. SEO ඉගෙන ගණන් කෙනෙක්ට එය ඉතාමත් වැදගත් වෙයි.
ඉහත සියලුම දේවල් අපි Report එකක් වශයෙන් Client ට දුන් පසුව ඔහුත් එක්ක සාකච්චා කොට සුදුසු ඒවා ක්‍රියාත්මක කලෙත් අප විසින්මයි.
- HTTPS: මෙම වෙබ් අඩවිය හරියට HTTPS වෙලා තිබුනේ නෑ. සමහර Pages වල HTTP/HTTPS Mix Content තිබුනා. ඒවා Fix කළා .
- Title Optimization: Title වල සුළු වෙනස්කමක් කරලා Search Result එකේ 5,6 තිබුන ඒවා අපිට 2,3 ට ගෙන්න පුළුවන් උනා.
- Meta Description Optimization: මෙයත් ඉහත දේ කරගන්න ලොකු උදව්වක් උනා. Meta Description Optimization එකෙන් CTR එක වැඩි කරගන්න පුළුවන් උනා.
- Content Optimization: ව්‍යාපාරය ට අදාල නැති Non-Related Content කිහිපයක් අපි ඉවත් කළා. තව Thin Content තිබුන pages කිහිපයක් අපි No-index කළා. Noindex කලාම ඒ Page එක Google Search Result වලින් ඉවත් වෙන නිසා Traffic එක අඩුවෙන එක විතරයි වෙන්නේ කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. නමුත් එය වැරදි . Thin content තියන ඒවා Delete හරි Noindex කලාම අනිත් pages වලට හොද Boost එකක් හම්බ වෙනවා. අපි මේක වෙබ් අඩවි කිහිපයකම අත් හදා බලලා තියෙනවා. හැබෙයි Delete හරි Noindex කරන්න කලින් බලන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. එහෙම නැත්තම් ඔබට දැනට ලැබෙන Traffic එක අඩුවෙන්නත් පුළුවන්. තව Articles කිහිපයකම Content එක තව වැඩි කරන්න උපදෙස් දුන්නා වගේම පළමු Paragraph එකේ පොඩි වෙනස්කම් කළා.
- Keyword Research: Low Competition Keywords කිහිපයක්ම අදාල Niche එකට අපි හොයල දුන්නා. ඒවාට අදාල Articles කිහිපයක් වෙබ් අඩවියට එක කළා.
- Canonical URL: Canonical URL වල තිබුණු වැරදි කිහිපයක් නිවැරදි කළා. Duplicate content issues වලට හොද විසදුවම්ක් මේක.
- Image Optimization: Page Speed එක වැඩි කරගන්න අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්.
- Cache Enabled: Cache Enable කරලා තිබුනට මේ Site එකේ, තිබුන Settings Shared Hosting එකකට ගැලපෙන විදියට නෙවේ. ඒවා සුදුසු ආකාරයට වෙනස් කරලා Speed එක වැඩි කරගන්න පුළුවන් උනා.
- Link out to high-authority (relevant) websites: Authority එක හදාගන්න relevant වෙබ් අඩවි වලට Link කළා.
- Borken Links වෙනුවට නව Links යෙදුවා.
- Internal Links: Internal Links සුදුසු ආකාරයට වැඩි කළා.
ඉහත තියෙන්නේ ඒ වෙබ් අඩවියේ Google එකෙන් ආපු Traffic එක 436.58% කින් වැඩි කරගන්න අප කල දේවල් කිහිපයක්.
ඔබටත් ඔබගේ වෙබ් අඩවියට එන පිරිස වැඩි කරගන්න අවශ්‍ය නම් ඔබගේ දුරකථන අංකයත් සමග ranukaweb@gmail.com ලිපිනය හරහා අපිව සම්බන්ද කරගන්න