Google භාවිතා කරන ඔබ දැනගෙනම සිටිය යුතු URL 5ක්

මීට කලින් ලිපියේ අපි සදහන් කරා ඔබට Google Search වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා. Google කියන්නේ Search Engine එකක් විතරක් නෙවේ. Google වල තවත් කොටස් විශාල ප්‍රමාණයක් තියනවා. අපි ඒ ගෙන වෙනම ලිපියක් ලගදීම පලකරන්නම්. අද අපි ඔබට ලබා දෙන්නේ Google භාවිතා කරන ඔබ දැනගෙනම සිටිය යුතු URL 5ක්.

Google URL

1. https://accounts.google.com/SignUpWithoutGmail

ඔබට Google Account එකක් හදන්න ඕනෑ උනාම ඔබට අලුතෙන් Gmail Account එකක් හදන්න වෙනවා කියන එක අපි හැමෝම දන්නා දෙයක්නේ. වෙනස් විදියකට කියනවානම් ඔබට හම්බවෙන්නේ [email protected] වගේ අලුත් email එකක් හදන්න වෙනවා Google Account එකක් හදන්න වෙන වෙලාවට. නමුත් ඉහත දී ඇති ලින්ක් එක මගින් ඔබට පුළුවන් ඔබ ලග තියන වෙන email එකකින් ([email protected] වගේ) Google Account එකක් හදන්න.

2. https://history.google.com/history/

ඔබ Google වල Search කරන ඒවා ඉහත ලින්ක් එක මගින් බලාගන්න පුළුවන්. (Google වල Search කරන විට අදාල Account එකට ලොග් වී සිටිය යුතුයි.)

3. https://security.google.com/settings/security/activity

වෙන කව්රු හරි ඔබේ Google Account එකට ලොග් වෙලාද? ඔබගේ Google Account එකට ඔබ Log උනේ කොහෙන්ද?, මොන Web Browser එක භාවිතා කරලද?, කුමන වේලාවේද?. මේ හැම දෙයක්ම ඉහත ලින්ක් එක මගින් බලාගන්න පුළුවන්.

4. https://security.google.com/settings/security/permissions

ඔබගේ Google Account එකේ ඇති data වලට Access කරන්න පුළුවන් මොන මොන App වලටද? මොන මොන Extensions වලටද? . එවැනි සියලුම දේ බලන්න පුළුවන් එතනින්.

5. https://www.google.com/settings/

ඔබගේ Google Account එකට අදාල ඕනෑම Setting එකක් වෙනස් කරගන්න පුළුවන් වෙබ් ලින්ක් එක තමයි මේ.

Similar Posts

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *