ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්නේ කොහමද? – 100%ක් සාර්ථකයි
මෙම ලිපිය කියවන්න කලින් අපි ඊයේ පල කර Google Adsense වලින් මුදල් හොයමු කියන ලිපිය කියවන්න. අපි එම ලිපියේදී සදහන් කරා ඔබ නිවරදි වැදගත් බ්ලොග් එකක් හැදුවොත් Google ඔබගේ බ්ලොග් එකට Adsense දෙන්න දෙපාරක් හිතන්නේ නෑ කියලා.
අන්තර්ජාලය තුල නොයෙක් එක එක විදියේ ලිපි තියනවා 100%ක් සාර්ථකයි කියලා. නමුත් ඒ ක්‍රම තාවකාලිකයි. ඒ ක්‍රම භාවිතා කිරීමෙන් ඔබගේ Adsense ගිණුම පසු කාලේදී නැතිවෙන්නත් පුළුවන්.
Google සමාගම කියන විදියට ඔබගේ බ්ලොග් එක සැදීම හොදටම ප්‍රමාණවත් Adsense ගිණුමක් පහසුවෙන් ලබාගන්න. Google Adsense තවමත් Sinhala blog වලට support නොදක්වන අතර, ඒ නිසා Sinhala blog සඳහා Google Adsense අයැදුම් කිරීමෙන් වළකින්න
1. වයස
Google Adsense ගිණුමක් සදාගැනිමටනම් ඔබගේ වයස අවුරුදු 18කට වඩා වැඩි විය යුතුය.
2. ඔබගේ බ්ලොග් අඩවියේ පෙනුම
තොරණ වගේ තියන බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ කලාතුරකින්. පුළුවන් තරම් professional විදියට ඔබේ බ්ලොග් එක හදන්න. හැකි තරම් widgets එහම අඩු කරන්න. එහම widgets අඩු කරන එක ඔබගේ බ්ලොග් එකේ Speed එකටත් ගොඩක් වටිනවා. WordPress මගින් නම් ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම Professional Level Free WordPress Theme එකක් භාවිතා කිරීම ඔස්සේ ඔබගේ වෙබ් අඩවියට කිසිදු මහන්සියකින් තොරව වෘත්තීයමය පෙනුමක් ලබා දිය හැක.
3. Traffic
Google මෙච්චරක් traffic ඕනේ කියල සදහනක් කරලා නැති උනත් traffic නැතිව Google Adsense ගත්තත් මොනවා කරන්නද? අවම වශයෙන් දවසකට 100 ක් වත් පැමිනෙනකන් ඉවසන්න. ඉන් පසු Google Adsense ඉල්ලන්න.
4. Post ගණන
අවම වශයෙන් post 10ක් වත් ඔබ ලියනකන් Google Adsense වලට අයදුම් කරන්න එපා. ඒ වගේම අවම වශයෙන් එක post එකකට වචන 1000ක්වත් (මෙය Blog Niche එක අනුව වෙනස් විය හැක.) ඇතුල් කරන්න.
5. අන්තර්ගතය
Google Adsense ලබා ගැනීමට වැදගත්ම දෙයක් තමයි අන්තර්ගතය. Copy – Paste වලටත් Adsense ලබාගත්ත පිරිසක් ඉදලා තියනවා. නමුත් ඒක හැමෝටම හරියන එකක් නෙවේ. ඒ වගේම එවැනි බ්ලොග් වලට traffic ලබාගැනීම අමාරු නිසා ඒවගෙන් මුදල් සෙවීමත් අමාරුයි.
මිනිසුන්ට වැදගත් unique ලිපි හැමවෙල්ම පලකරන්න. එවැනි බ්ලොග් එකක් ඔබ සතු නම් Google ඉතාමත් කැමැත්තෙන් Google Adsense ඔබගේ බ්ලොග් එකට ලබා දෙයි.
වැඩිහිටියන්ට පමණක් නරබන්න පුළුවන් සහ මත්ද්‍රව්‍ය වැනි දෑ ඇති බ්ලොග් වලට Google Adsense ලබාදෙන්නේ නැත.
6. අවශ්‍ය Pages
ඔබගේ බ්ලොග් එකේ පහත සදහන් pages තියන එක වැදගත් Google Adsense ලබාගැනීමේදී.
Privacy Policy – ඔබ Privacy Policy කියන page එක හදන්න දන්නේ නැත්තම් මේ Privacy Policy Generator එක භාවිතා කරලා පහසුවෙන් හදාගන්න.
About Us – මෙයනම් ඔබට පහසුවෙන්ම හදන්න පුළුවන් page එකක්නේ.
Contact Us – මෙයත් ඔබට පහසුවෙන් හදාගන්න පුළුවන් page එකක්.
7. Domain Name
yoursite.blogspot.com වගේ domain name එකක් භාවිතා කරන්නේ නැතිව yoursite.com වගේ domain name එකක් භාවිතා කරන්න. එය SEO වලටත් ඉතාමත්ම වැදගත්ය.
8. වෙනත් Ads
Bidvertiser වගේ වෙනත් Ads ඔබගේ බ්ලොග් එකේ තියනවනම් ඒවා ඉවත් කරන්න.
9. Paid Traffic
Hitleap වගේ වෙබ් අඩවි භාවිතා කර ඔබගේ බ්ලොග් එකට traffic ගැනීමෙන් වලකින්න. Link exchange වගේ ක්‍රමත් භාවිතා කිරීමෙන් වලකින්න.
10. අනවශ්‍ය අඩවි වලට ලින්ක් දීමෙන් වලකින්න
වැඩහිටියන්ට පමණක් සීමා උනා වගේ වෙබ් අඩවි වලට කිසි විටකත් backlink දීමෙන් වලකින්න. ඒ වගේම ඒ වගේ වෙබ් අඩවි වලින් ඔබගේ බ්ලොග් එකට backlink නිර්මාණය කර ගැනීමෙනුත් වලකින්න.
හුගක් අය අතර වැරදි මතයක් තියනවා ශ්‍රී ලංකවට Google Adsense ලබාදෙන්නේ නෑ කියලා. එහම කිසිම දෙයක් නෑ. නිකන්ම බ්ලොග් එකක් හදලා Adsense ඉල්ලුවා කියලා Adsense හම්බවෙන්නේ නෑ. හැම වෙලේම බ්ලොග් එකට වටිනාකමක් දෙන්න. මුදල් හොයන්න කලින් ඔබගේ බ්ලොග් එක හරහා වටිනා දෙයක් සමාජයට දෙන්න. ඔබගේ බ්ලොග් එකේ අලුත් වටිනා ලිපි තියනවා Google ඉතාමත් කැමැත්තෙන් ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබා දෙයි.
Sinhala blogs walata adsense ganna puluwanda?
නිත්‍යානුකූල විදියටනම් සිංහල බ්ලොග් වලට Adsense ගන්න බෑ. වෙනත් ආකාරයකින් ලබාගත්තත් ඒ ගිණුම නැතිවීමේ සම්බාවිත්වය ඉහලයි.
Machan ube oya post eka pattama watinawa mage site ekatath mama adsence illanawa e ube oya post eka hinda ela.
ela…. 🙂
හොද ලිපියක්… ගත හැකි දේ බොහොමයි 🙂
aye post 50K wath pblish karala tyenna one neda adsense ganna? api english walin liyaddi eke grammar ehma 100% kma hari wenna oneda?
එහෙමම ඕනේ නෑ මල්ලි. මම Adsense ගන්න කොට මම ඒ පොස්ට් එකට දාලා තිබුනේ පොස්ට් 12ක් වගේ පොඩි ගානක්.
ai bn mage site akata approved denne neththe?
ube site ekanm fatta. traffic adu athi bn
adsence ganne kohomada hariyatama?
eekata hoda traffic tyena english blog ekak tiyenna one yaaluwaa
Machn .blogspot.com domain walta adsence den nadda?
Denawa. Eth hemawelema .com wage top level domain ekakata yann.
Blog eke English 100% hariyatama thiyenna onada machan.mama nam aluth bn me wadeta.topic eka witharak English walin dammata aulak nadda post wala.please help me machan
Topic එක විතරක් නම් English දාලා මදියි. Google කියන්නේ මෙහෙම.
“Please also be aware that placing the AdSense code on pages with content primarily in an unsupported language is not permitted by the AdSense program policies.”
අවම වශයෙන් Page එකේ 50% ක් වත් English content එකක් නැත්තම් Google Adsense භාවිතා කරන්නේ නැතිව ඉන්න එක තමයි හොද.
mcn ube post eka godak watinwa. mama deyak igena gaththa.
Thanks
මචං… සිංහල සයිට් ඒකාකට දැන් දෙනවද Adsense ?
නෑ. තවමත් සිංහල වෙබ් අඩවි වලට දෙන්නේ නෑ.
syndicate කරපු සයිට් වලට Adsense දෙන් නැද්ද?
Hugak wita den denne ne.
Facebook .. twiter වගේ ඒව වලින් blog එකට trapic ඩාගත්තට අවුලක් නැද්ද…
Samanayen awulak ne. Eth Google walin wage hoda traffic ekak thiyanawanam hodai. Social media walin witharak traffic awama samahara welawata invalid traffic kiyala prashna wela thiyana ayawa mama dekala thiyanawa.
Adsense ganna kochchara kal yanawda?
Auto active wenawada neththan api request karanna onida?
Api request karanna one. 3-7 days usually.
mn english walin blog ekak karanwa thama posts 9 thiyenne total visitors innawa 900 wage post walatath views 100 giya ewa thiyenwa eth thama adsense dunne na mn apply karata mta hithaganna amarui mkkda scene eka kiyala.oya kiyala thiyena hethu walata amatharawa wena hethu thiyenwada adsense denne nathi wenna
Hugak welawata uda thiyana hethu thamai hethu wenne.