0 Shares

අන්තරජාලයෙන් මුදල් සෙවීම සම්බන්දව ලිපියක් පල කරන්න සැහෙන කාලයකින් බැරි උනා.

නමුත් මෙම බ්ලොග් අඩවිය සාර්ථක කරගන්න ඔබගේ අදහස් අවශ්‍යයි කියන පිටුව හරහා අපිට විස්තර එව්වා හුගක් අය කිව්ව් දෙයක් තමයි Make Money Online කියන category එකට තව post දාන්න කියලා. ඒ පිටුව හරහා අදහස් එවන හැමෝටම ගොඩක් ස්තුතියි. ඔබගේ අදහස් අපිට ගොඩක් වටිනවා මේ බ්ලොග් එක පවත්වාගෙන යන්න.

adsense sinhalen

මොකද්ද මේ Google Adsense කියන්නේ?

වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි හිමිකරුවන්ට මුදල් හොයන්න පුළුවන් හොදම විදියක් තමයි Google Adsense කියන්නේ. ඔබගේ බ්ලොග් එකට හොද Traffic එකක් තියනවනම් Google Adsense හරහා හොද මුදලක් හොයන්න පුළුවන්. ඔබට තියන්නේ Google Adsense ලබාදෙන code එක ඔබගේ බ්ලොග් එකට ඇතුලත් කරන එකයි.

ඇයි Google Adsense අපිට මුදල් ගෙවන්නේ?

ලෝකයේ ඉන්න නොයෙක් සමාගම්, වෙබ් අඩවි හිමියන් Google Adword හරහා Google වෙත මුදල් ලබා දෙනවා එයාලගේ වෙළද දැන්වීම් ප්‍රදර්ශනය කරන්න කියලා. Google සමාගම Google Adsense හරහා එම දැන්වීම් ලබාදෙනවා වෙනත් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි හිමියන්ට. Google Adword වෙත වෙළද දැන්වීම් ලබා දෙන පිරිස් Google වෙත ගෙවන මුදලින් යම් කිසි කොටසක් එම දැන්වීම Google Adsense හරහා ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් අපිට ලබා දෙනවා. ඕක තමයි  Google Adsense වල කථාව ඉතාමත් සරලව කියනවනම්.

ඔබට පැහැදිලිව පේනවා ඇති අපේ බ්ලොග් එකේ Google Adsense හරහා වෙළද දැන්වීම් ප්‍රදර්ශනය කිරීමෙන් Google සමාගමටත් පැහැදිලි වාසියක් තියනවා කියලා.

එහනම් ඇයි Google Adsense බ්ලොග් එකට ලබාගන්න මෙච්චරම අමාරු?

ඔබ මෙහම හිතන්න. ඔබට අවශයි ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරගන්න. ඔබ ඒ සදහා මුදල් ගෙවලා ඔබගේ වෙළද දැන්වීමක් වෙන බ්ලොග් එකක දමන්න හිතනවා. එවිට ඔබ තෝරන්නේ කිසිම වැඩක් නැති බ්ලොග් එකක්ද, එහම නැත්තම් අන්තර්ගතය ගොඩක් හොද මිනිස්සු ගොඩක් එන බ්ලොග් එකක්ද?

පිළිතුර සරලයි. ඔබ හොයන්නේ අන්තරගතය ගොඩක් හොද බ්ලොග් එකක්. අන්න ඒ නිසයි Google සමාගම Google Adsense හොද බ්ලොග් වලට විතරක් ලබාදෙන්නේ.

ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්නේ කොහමද?

Google Adsense 100%ක් සාර්ථකව ලබාගන්න විදිය අපි ඊලග ලිපියෙන් පැහැදිලි කරන්නම්. මෙම ලිපියෙන්ම Google Adsense 100%ක් සාර්ථකව ලබාන්නේ කොහමද කියලා පැහැදිලි කරනන් ගියොත් මේ ලිපය ගොඩක් දික් වෙනවා.

0 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 3 Comments

  1. Pingback: ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්නේ කොහමද? – 100%ක් සාර්ථකයි

  2. Pingback: Google Adsense වලින් වැඩියෙන්ම මුදල් හොයන 5 දෙනා

  3. herath

    මම ඇඩ්සෙන්ස් ගිනුමමක් හදල තියෙනවා එකෙ ඇඩ් යනවා එඋනට එකෙ මුදල් පෙන්වන්නේ නහ පුලුවන්ද කියල දඑන්ඩ

Leave a Reply