[Video] අපි නොදන්න ක්‍රිකට් – Science Guide to Cricket
ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව කිව්වොත් එක නිවැරදිය. 1996 ලෝක කුසලානය දින ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් අපගේ ජිවිත වලට ගොඩක් සමීප උනා. ඉතින් ඒ ගැන “අපි නොදන්න ක්‍රිකට්” කියලා වටිනා video එකක් videokatha බ්ලොග් එක නිර්මාණය කරලා තියනවා. වේග පන්දු යවන්නෙක් එවන බෝලයක් පිතිකරු ගාවට එන්න තප්පර බාගයක්වත් යන්නේ නෑ. ඒ වගේම එම බෝලය එන්නේ සරල රෙඛාවකත් නෙවේ. බෝලය බිම පතිත උනාම එහි ගමන් මාර්ගය නැවතත් වෙනස් වෙනවා. ඉතින් ඔබට පේනවා ඇති පිතිකරුට ඉතාමත් ක්ෂණිකව හිතන්න වෙනවා එම පන්දුවට ගහන්න ඕන පහර මොකද්ද කියලා. ඒ සදහා ඔහුට තප්පර බාගයක වගේ කාලයක්වත් හමබ වෙන්නේ නෑ. ඉතින් ඔහු ඒ තීරණය ගන්නේ කොහමද කියන එක ගැන දැනට කරලා තියන පරීක්ෂණ කිහිපයක් ගැන සිංහලෙන්ම දැනගන්න පහත Video එක බලන්න.
මීට පෙර GPS වැඩ කරන්නේ කොහමද? කියලා ඔහුන් නිර්මාණය කරන ලද Video එක බලන්නත් අමතක කරන්න එපා.
