15 Shares

ඔබ අන්තර්ජාලය භාවිතා කරන කොට ඔබට අවශ්‍ය වෙබ් පිටු ඕන තරම් හම්බ වෙනවා. ඒවාගෙන් අමතක වෙයි කියල හිතන නමුත් ඔබට එම වෙබ් පිටුත් අනිවාර්යෙන්ම අනාගතයේදී අවශ්‍ය වෙනවාවනම් ඔබ කරන්නේ එම පිටු Bookmark කරගැනීම හෝ එම වෙබ් පිටුවම ඔබගේ පරිගණකයට Save කර ගැනීමයි.

මෙම ක්‍රම දෙකම සාර්ථක ක්‍රම උනාට මීට වඩා ගොඩක් හොද ක්‍රමයක් තමයි ඔබට අවශ්‍ය වෙබ් පිටුව PDF එකක් විදියට Save කරගන්න පුළුවන් එක. එතකොට ඔබට පුළුවන් අන්තර්ජාලය නොමැති අවස්ථාවක උනත් එම පිටුව ඉතාමත් පැහැදිලිව බලාගන්න.

කියවන්න : සම්පුර්න වෙබ් පිටුවකම Screenshot එකක් ගන්නේ කොහමද?

1. කිසිම Extension එකක් හෝ Software එකක් නැතිව

ඔබ භාවිතා කරන්නේ Google Chrome Browser එකනම් ඔබට පුළුවන් ඕනෑම වෙබ් පිටුවක් කිසිම Extension එකක් නැතිව Google Chrome Browser එක හරහාම එම වෙබ් පිටුව PDF එකක් බවට හරවා Download කරගන්න.

මුලින්ම ඔබට අවශ්‍ය වෙබ් පිටුවට ගිහින් CTRL Button එකත් සමග P අකුර ඔබන්න. එතකොට පහත ආකාරයේ Windows එකක් ඔබට දිස්වේවි.

save-pdf

එතනින් ඔබට Destination එක change කරන්න Save As PDF විදියට. ඒ විදියට Destination එක change කරාම ඊට ඉහලින් ඇති Save Button එක Click කිරීම මගින් ඔබට අවශ්‍ය ඕනෑම වෙන් පිටුවක් PDF එකක් බවට හරවා Download කරගන්න පුළුවන්.

2. වෙනත් වෙබ් අඩවි සේවා භාවිතා කරමින්

ඔබ කුමන Browser එක භාවිතා කරත් ඔබට පුළුවන් පහත වෙබ් සේවා භාවිතා කරමින් ඔබට පුළුවන් ඕනෑම වෙබ් පිටුවක් PDF විදියට Download කරගන්න.

1. web2pdfconvert
2. pdfcrowd
3. pdfmyurl

15 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 2 Comments

  1. Pingback: Wikipedia වෙබ් අඩවියම Download කරගන්නේ කොහමද?

  2. Pingback: Google Chrome Tips and Tricks සිංහලෙන්

Leave a Reply