Email වල තිබෙන CC සහ BCC වල වෙනස කුමක්ද?

ඔබ මේ වෙන කොට අවම වශයෙන් email එකක් දෙකක්වත් කව්රු හෝ පුද්ගලයෙක්ට යවලා ඇති. බොහෝ අය email දහස් ගණනක් මේ වෙන කොට නොයෙක් නොයෙක් කරුණු සදහා යවලා ඇති. නමුත් email එකක් යවන විට තිබෙන CC සහ BCC වල වෙනස කුමක්ද කියලා ඔබ දන්නවාද? මේ ලිපිය ඒ ගැනයි.

CC and BCC in Email

CC යනු “carbon copy” වන අතර BCC යනු “blind carbon copy” යන්නයි. මෙම දෙකම අපි භාවිතා කරන්නේ එකම email පණිවිඩයක් කිහිප දෙනෙක්ට එකම වතාවේ යවන්නයි.

CC වල ඔබ සටහන් කරන email එකිනෙකාට පේනවා. උදාහරණයක් විදියට ඔබ CC කරොත්  [email protected] ට  සහ  [email protected] යන දෙදෙනාට Bob දැනගන්නවා මේ email එකම Jake ටත් යවලා කියලා. ඒ වගේම Jake දැනගන්නවා මේ email එක Bob ටත් යවලා කියලා. නමුත් ඔබ BCC කරොත් [email protected] ට සහ  [email protected] ට මේ දෙදෙනාගෙන් එක්කෙන්වත් දැනගන්නේ නෑ මේ email එක අනිත් කෙනාටත් යවලා කියලා. ඔන්න ඔය දේ තමයි CC සහ BCC වල තිබෙන වෙනස. ඒ වගේම To යටතේ අපි email කිසිපයක් සටහන් කරන එකයි CC එකයි එක සමානයි.

Similar Posts

4 Comments

  1. ඉතා හොද වටිනා තොරතුරක්. අදමයි මේ විස්තර දැන ගත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *