Android Development සිංහලෙන් ඉගන ගනිමු
Android කියන්නේ ජංගම දුරකථන වලට වගේම ටැබ්ලට් වලට තියෙන ලෝකයේ ජනප්‍රියම OS කියලා හැදින්වුවත් එකේ වරදක් නෑ. මිලියනයකටත් වඩා වැඩි Android Apps ප්‍රමාණයක් Android App Store එක තුල තියනවා.

YouTube තුලින් Android Development Tutorials විශාල ප්‍රමානයක් ඔබට හොයාගන්න පුළුවන්. ඒ වගේම TheNewBoston වෙබ් අඩවිය Android Development Video Tutorials 200 ක් පමණ තිලින කර ඇති බැවින් එම Videos හරහාද ඔබට Android Development ඉගන ගන්න පුළුවන්. නමුත් එම සියලුම Tutorials ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඔබගේ ඉංග්‍රීසි භාෂා දැනුම අඩුනම් සමහර අවස්ථා වලදී ඒවා තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසයි සිංහල භාෂාවෙන් ඇති Android Development Tutorials කිහිපයක් මේ බ්ලොග් එක හරහා දෙන්න හිතුවේ.
1. Android Development in Sinhala Hello World
ඉසුරු සහෝදරයා විසින් නිර්මාණය කර ඇති මෙම Video එක Android Development ඉගන ගන්න සිටින ඔබට ඉතාමත් වැදගත් වෙනවා නොඅනුමානය. ඔබට Android Development ගැන කිසිම දැනුමක් නැත්තම් පහත Video එක අනිවාර්යෙන් බලන්න.
2. Droidslk
Droidslk බ්ලොග් එක විසින් Android Application Development – Sinhala Lessons යනුවෙන් මේ වන විට ලිපි 11ක් පල කර තිබෙනවා. එම ලිපි හරහාද ඔබට Android Development ගැන ලොකු දැනුමක් ගන්න පුළුවන්.
3. Gurulk
Gurulk වෙබ් අඩවියද Android Application Development Sinhala Video Tutorials යනුවෙන් Video Tutorials මාලාවක් ආරම්භ කර ඇත. තවමත් එහි ඇත්තේ පාඩම් මාලා 6ක් උනත් නුදුරේම තවත් පාඩම් මාලා එකතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

අඛන්ඩ සිංහල Android Development පාඩම් මාලාවක් තිෙයනම් ෙහාදයි.
ෆෝරම් එකක් තියෙනවා.
එ් ෆෝරම් එක ඇප් එකකට දාගන්න ඕනේ.
කොහොමද කරන්නේ?