Blogger යනු සිංහල බ්ලොග්කරුවන් 90% ක් පමණ භාවිතා කරන Blogging Platform එක වේ. එම නිසා Blogger Tips ලිපි පෙළක් සිංහලෙන් ඔබට ගෙන ඒමට අපි තීරණය කරා. මේ එහි අරාම්භක ලිපියයි.
Blogger යනු කුමක්ද?
Blogger යනු ඔබට නොමිලේම බ්ලොග් එකක් සැදීමට ඉඩ කඩ ලබාදෙන සේවාවකි. Pyra Labs විසින් develop කරපු Blogger සේවාව 2003 වසරේදී Google සාමාගම විසින් මීලදී ගන්නා ලදී.
Blogger වල වාසි
1. Free Hosting and Domain
Blogger වල ඇති සුවිශේෂ වාසියක් වන්නේ මෙයයි. ඔබට නොමිලේම ඔබගේ බ්ලොග් අඩවිය අරම්භ කල හැකිය. ඔබට නොමිලේම yourname.blogspot.com ආකාරයේ domain නාමයක්ද ලබා ගත හැකිය.
2. සරල අතුරු මුහුණත
ඔබට blogging ගැන කිසිම දැනුමක් නොමැති උනත් Blogger වල ඇති සරල අතුරු මුහුණත නිසා ඉතා පහසුවෙන් ඔබට ඔබගේ බ්ලොග් අඩවිය ආරම්ඹ කල හැකිය.
3. ඔබට Programming Language එකක දැනුමක් අවශ්‍ය නැත
Blogger තුල බ්ලොග් අඩවියක් ආරම්භ කීරීමට ඔබට කිසිම Programming Language එකක දැනුමක් අවශ්‍ය නැත. ඔබට අන්තරජාලය භාවිතා කීරීමේ දැනුම තියනවනම් Google Search Engine එකත් උදව් කරගෙන ඔබට ඉතාමත් අලංකාර බ්ලොග් එකක් පහසුවෙන් සාදා ගත හැකිය.
4. 100% විශ්වාසවන්ත Servers
Google වලට අදාළ Servers වල ඔබගේ අඩවිය පවත්වාගෙන යන නිසා ඔබට බ්ලොග් අඩවියේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වීමට අවශ්‍ය නොවේ. ඔබ ඔබගේ gmail ගිණුම ආරක්ෂා කරන තාක් කල් බ්ලොග් අඩවිය Google විසින් ආරක්ෂා කරයි.
5. Blog Speed
ඔබ අනවශ්‍ය කරදරකාරී widget වලින් ඔබගේ අඩවිය පුරවා ගන්නේ නැත්තම් බොහෝ දුරට ඔබගේ බ්ලොග් අඩවිය වේගවත්ය.
Blogger වල අවාසි
1. අපි ඔබට මුලින්ම Blogger වල ඇති limits පහතින් දක්වා ඇත
බ්ලොග් ගණන : එක account එකකට ඔබට සැදිය හැක්කේ බ්ලොග් අඩවි 100ක් පමණි.
පින්තුර ප්‍රමාණය : ඔබට 1GB දක්වා පින්තුව ඔබගේ බ්ලොග් අඩවියට එකතු කල හැකිය.
Labels ප්‍රමාණය: ඔබට Labels 2000ක් එකතු කරා හැකි අතර එක පොස්ට් එකක් සදහා Labels 20ක් යොදා ගත හැකිය.
බ්ලොග් Description : ඔබට අකුරු 500ක් දක්වා බ්ලොග් Description එකට ඇතුලත් කල හැකිය.
“About Me” Profile Information : ඔබට අකුරු 1200ක් දක්වා මෙයට ඇතුලත් කල හැකිය.
2. ඔබගේ අඩවිය Google සතුය
ඔබගේ අඩවිය ඕනෑම වෙලාවක delete කිරීම අයිතිය Google සමාගම සතුය.
3. SEO
Blogger අඩවියකට වඩා පහසුවෙන් WordPress (WordPress.ORG) අඩවියක් SEO සහය දක්වන ආකාරයට නිර්මාණය කරා ගත හැකිය.
4. ඔබට කල හැකි දේවල් සීමා සහිතය
ASP.Net හෝ PHP වැනි Programming Language සදහා Blogger අඩවිය සහය නොදක්වන බැවින් ඔබට කල හැකි දේවල් ප්‍රමාණය සීමා සහිතය.
Pingback: බ්ලොග් එකක් හදන්නේ කොහමද? (Blogger.COM)