10 Shares

මිට අවුරුදු 5,6 කට පමණ පෙර සිංහල බ්ලොග් තිබුනේ ඉතාමත් පොඩි ප්‍රමාණයකි. නමුත් දැන් සිංහල බ්ලොග් විශාල ගණනක් තියෙනවා. ඒ වගේම සිංහල බ්ලොග් එකක් නැති විශාල පිරිසක් ඉන්නවා. ඔහුන්ටත් සිංහල බ්ලොග් එකක් සැදීමට දිරිමත් කිරීමට සදහා තමයි මේ ලිපිය අද ලියන්නේ.

blogging

සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න පුළුවන්

හුගක් අයගේ තියන මතයක් තමයි සිංහල බ්ලොග් එකකින් සාර්ථකව මුදල් උපයන්න බෑ කියලා. ඒ මතය වැරදි. අපි මේ සිංහල බ්ලොග් එකෙන් මුදල් උපයනවා. ඔබටත් සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න පුළුවන්. සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන විදිය ගැන අපි eBook එකක් හැදුවේ ඔබේ සිංහල බ්ලොග් එකෙනුත් මුදල් ඉපයීම සදහා මාර්ගෝපදේශයක් ලබා දීමට.

ඔබටත් එම eBook එක මෙතනින් මිලදී ගන්න පුළුවන්.

විනෝදාංශයක් විදියට

සිංහල බ්ලොග් එකක් පවත්වාගෙන යාම ඉතා හොද විනෝදාංශයක්.  බ්ලොග් කියවන්නන්  ඔබේ බ්ලොග් එකට ඇවිත් ඔබගේ බ්ලොග් පොස්ට් කියවන එක, ඔබේ පොස්ට් වලට Comments දමන එක වගේ කරුණු ඔබට අනිවාර්යෙන් සතුටක් ගෙන එන කරුණු වේ.

මිතුරන් රැසක් හදුනාගන්න හැකි වීම

ඔබේ බ්ලොග් එක හරහා ඔබට මිතුරන් රාශියක්ම අදුරගන්න පුළුවන් වෙයි. බ්ලොග් තියන අය ටිකක් කල්පනා කරලා බලන්න බ්ලොග් එක නිසා අලුතින් මිතුරන් කී දෙනෙක් අදුරගත්තද කියලා.

ඔබට ඔබේ දැනුම බෙදා කරගන්න පුළුවන්

බ්ලොග් එක හරහා ඔබේ වටිනා දැනුම ඔබට බෙදා ගන්න පුළුවන්. ඔබ Java වගේ දෙයක් දන්නවානම් Java ගැන බ්ලොග් එකක් හදලා ඔබේ දැනුම අනිත් අයට දෙන්න පුළුවන්. ඔබ කැමරාකරණය ප්‍රගුණ කරලා තිබෙනවානම් ඔබට ඒ ගෙන සිංහල බ්ලොග් එකක් හරහා අනිත් අයට කියලා දෙන්න පුළුවන්. ඒ වගේ දෙයකින් ඔබට මේ සමාජයට ලොකු සේවයක් කරන්න පුළුවන්.

ඔබේ සන්නිවේදන හැකියාව දියුණු වීම

ඔබ දන්න දේ අනිත් අයට තේරුම් ගන්න හැකි පරිදි ලියන්න ඔබට  සිදුවෙනවා. එමගින් ඔබේ සන්නිවේදන හැකියාවත් දියුණු වෙනවා.

ඔබගේ දැනුම වැඩි වෙනවා

ඔබ මොන විදියේ ලිපියක් ලියන්න තීරණයකරත්  ඔබට නිවරදි දේ ලියන්න සිදුවෙනවා . උදාහරණයක් විදියට ඕනෑම වෙබ් පිටුවක් PDF එකක් විදියට Download කරගන්නේ කොහමද  කියලා ලිපියක් ලියන්න ඔබට හිතුනා කියමු. එවිට  ඕනෑම වෙබ් පිටුවක් PDF එකක් විදියට Download කරගන්නේ කොහමද කියලා හොයන්න ඔබට සිදු වෙනවා. ඊට පස්සේ තමා ඔබට ලිපිය ලියන්න පුළුවන් වෙන්නේ. ඔබට දැනෙන්නෙම නැතිව ඔබේ දැනුම වැඩි වෙනවා.

ඔබ බ්ලොග් එකක් හදන්න දන්නේ නැත්තම් බ්ලොග් එකක් හදන විදිය බ්ලොග් එකක් හදන්නේ කොහමද කියන ලිපියෙන් ඔබට බලාගන්න පුළුවන්.

10 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 8 Comments

  1. Madhawa

    මමත් සතුටු වෙනවා මගෙ බ්ලොග් එකත් ලංකාවේ මුල්ම කාලයේ සෑදූ සිංහල බ්ලොග් අඩවියක් වීම.
    ඒ කාලයේ බ්ලොග් කරුවන්ට එක් ඉලක්කයක් තිබුණ. “අන්තර්ජාලය තුළ ඵලවත් සිංහල අන්තර්ගතය ඉහළ නැංවීම” නමුත් දැන් කාලෙ සිංහල බ්ලොග් ලියන්නන්ට එහෙම අදහසක්වත් නෑ. ඔහේ එහෙන් මෙහ්න් මොනව හරි එකතු කරගෙන වචන ටිකක් ගැට ගහල ලියනව. ප්‍රයෝජනවත් ඵලවත් දේවල් ලියන අය දැන් අඩුයි. ඒක දුකට කාරණාවක්.
    බ්ලොග් එකක් හදාගත්තට වැඩක් නැති දේවල් ලිව්වට වැඩක් නෑ. කෙනෙක්ට ප්‍රයෝජනවත් දෙයක් ඵලදායී ආකාරයට ලියන්නත් ඕනෙ.

    ඔබගේ බ්ලොග් අඩවියත් බොහෝ ඵලවත් අන්තර්ගතයක් ඇති අඩවියක්. ඊට සතුටුයි.
    ඔබට ජය.

    1. TSB Team

      බොහොම ස්තුතියි මාධව Comment එකට. මේ වගේ Comment අපිට ලොකු හයියක්. 🙂

  2. Ishara Keerthirathna

    ඇත්තටම topsinhalablog කියන්නෙ ඉතාම වැදගත් ලිපි තියෙන තැනක්. ඔයාලා සිංහල බ්ලොග් එකක් විදියට මේ ආපු සාර්ථක ගමන ගැන දැනගන්න කැමතියි. ඒ වගේම මේ බ්ලොගය තවත් අලුත් ලිපි නිතර නිතර පල කරනවානම් අපි හුගක් කැමතියි.

    1. TSB Team (Admin)

      බොහොම ස්තුතියි ඔබගේ අදහසට. අපි ඉක්මනට එවැනි ලිපියක් පලකරන්නම්. කාලය තමයි ප්‍රශ්නේ. ඔබ මීට පෙරත් බොහෝ Comment පල කරලා තිබුනා. ඒ හැම එකටම අපිට reply කරන්න බැරි උනේ කාලය සම්බන්ද ගැටළු නිසා. නමුත් ඒ හැම එකම අපි කියවනවා. බොහොම ස්තුතියි Comment වලට.

      1. Deepika Darmawardana

        අර උද ඔය ගොල්ලෝ දාලා තියන eBook එකේ link එක වැඩ නැ

  3. tharindu dananjaya

    කොහොමද සිංහල බ්ලොග් කරලා සල්ලි හොයන්නේ Adsense දෙන්නේ නෑ නේද?
    එත් කොහොමද සල්ලි හොයන්නේ ?
    අර උද ඔය ගොල්ලෝ දාලා තියන eBook එකේ link එක වැඩ නැ 🙁

  4. tharindu

    අර උද ඔය ගොල්ලෝ දාලා තියන eBook එකේ link එක වැඩ නැ

  5. චමින්ද හේරත්

    ඇත්තටම හොද සටහනක් ආසාවෙන් කියෙව්වෙ ස්තූතිය

Leave a Reply