Google Adsense වලින් වැඩියෙන්ම මුදල් හොයන 5 දෙනා
Google Adsense කියන්නේ ඔබට වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තියනවනම් මුදල් හොයන්න පුළුවන් හොදම ක්‍රමයක් විදියට හදුන්වන්න පුළුවන්. නමුත් ඒ සදහා දකෂතාවයක් වගේම මනා කැපවීමක් අවශ්‍යයි. අපි Google Adsense ගැන මීට කලින් පල කරලා තිබෙන ලිපි ටික පහතින් කියවන්න.
Google Adsense වලින් මුදල් හොයමු
ඔබගේ බ්ලොග් එකට Google Adsense ලබාගන්නේ කොහමද?
Google Adsense වලින් වැඩියෙන්ම මුදල් හොයන 5 දෙනා
ඔබට පහතින් බලාගන්න පුළුවන් Adsense වලින් වැඩියෙන්ම මුදල් හොයන 5දෙනා ගැන විස්තර.
1. Courtney Rosen
වෙබ් අඩවිය :http://www.ehow.com/
ehow කියන්නේ හැමෝම දන්නා විදියට How to Guide වෙබ් අඩවියක්. මෙම අඩවියේ තොරතුරු විස්තරාත්මකව නැති බව තමයි මෙම අඩවියට තිබෙන එකම චෝදනාව. එය හැරුන විට ඉතාමත් වටිනා වෙබ් අඩවියක්.
මාසික ආදායම : $350,000
2. Pete Cashmore
වෙබ් අඩවිය : http://mashable.com/
ලෝකයේ තිබෙන ජනප්‍රියම තාක්ෂනික බ්ලොග් අඩවියක් කියල හදුන්වන්න පුළුවන් වෙබ් අඩවියක් මේක. සැම දිනකම තාක්ෂණික ලිපි කිහිපයක්ම මෙම බ්ලොග් අඩවිය පල කරනවා.
මාසික ආදායම : $250,000
3. Shawn Hogan
වෙබ් අඩවිය : https://forums.digitalpoint.com/
Digitalpoint කියන්නේ ලෝකයේ තිබෙන ජනප්‍රියම Internet Marketing Forum එක විදියට හදුන්වන්න පුළුවන්.
මාසික ආදායම : $195,000
4. Markus Frind
වෙබ් අඩවිය: http://pof.com/
මිලියන 3කට වඩා දිනකට පැමිණෙන ලෝකයේ තිබෙන ජනප්‍රියම Dating වෙබ් අඩවියක් විදියට pof.com වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.
මාසික ආදායම : $190,000
5. Kevin Rose
වෙබ් අඩවිය: http://digg.com/
ලෝකයේ තිබෙන ජනප්‍රියම Social Bookmarking වෙබ් අඩවිය ලෙස Digg.COM වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.
මාසික ආදායම : $150,000
Ko oyage adsense ads tika? 😀 😀 😛
Sinhala Blog වලට Adsense සහය දක්වන්නේ නෑ. සිංහල බ්ලොග් එකකට Adsense දාලා නිකන් අවදානමක් ගන්න ඕනේ නෑනේ. 🙂