11 Shares

මීට සති කිහිපයකට පමණ පෙර Android වලට ඇති හොදම Free VPN එක කුමක්ද යනුවෙන් ලිපියක් අපි පල කරා. එහිදී අපි ඔබට කියලා දුන්නේ  ඔබගේ Android දුරකථනය හරහා තහනම් කර ඇති වෙබ් අඩවි වර්ග පිවසිය හැකි පහසුම ක්‍රමය කුමක්ද කියලයි.

එම ලිපිය කියෙව්ව කෙනෙක් අපෙන් ඇහුව තමන්ගේ පරිගණකයෙන් හරි ලැප්ටොප් එකෙන් හරි භාවිතා කරන්න පුළුවන් හොදම VPN එක මොකද්ද කියලා.

ඔබට ඒ සදහාත් Opera Web Browser එක භාවිතා කරන්න පුළුවන්. ඔබට මෙතනින් Opera Web Browser එක download කරගන්න පුළුවන්. Windows, Mac සහ Linux පරිගණක සදහා මෙය සහය දක්වනවා.

Opera Web Browser එක Download කරගත් පසුව ඔබට කරන්න තියෙන්නේ Setting වල ඇති VPN එක enable කිරීම පමණයි.

Opera Setting

ඉන්පසු ඔබට පහත ආකාරයට VPN එක On කරගන්න පුළුවන්.

VPN Enable

11 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

Leave a Reply