දැන් සිංහල සින්ඩි විශාල ප්‍රමාණයක් තියනවා අන්තරජාලයේ. එත් හුගක් බ්ලොග් කරන අය ආසයි තව අලුත් සින්ඩියක් හදන්න. ඉතින් අද post එකෙන් සින්ඩියක් හදන්නේ කොහමද කියල අපි කියලා දෙනවා.

sindiya

අපි මේ සදහා යොදාගන්නේ FeedWordPress කියන plugin එකයි. මේ plugin එක හරහා පහසුවෙන්ම ඔබට පුළුවන් සින්ඩියක් හදාගන්න.

මුලින්ම FeedWordPress කියන plugin එක add කරලා active කරගන්නකො.

ඒ plugin එක active කරාට පස්සේ පහත තියන රුපය පරිදි syndication කියල අලුත් ටැබ් එකක් දකින්න පුළුවන්.

Sindiyak Hadamu

ඒ හැම settings එකක්ම ඔබට අවශ්‍ය විදියට වෙනස් කරන්න පුළුවන්. වැදගත්ම settings කිහිපයක් පමණක් වෙනස් කරන විදිය අපි මෙතැන පැහැදිලි කරලා දෙන්නම්.

Categories & Tags කියන එකේ තියන settings පහත තියන රුපයේ විදියට වෙනස් කරගන්න. මේකෙන් වෙන්නේ ඔබට අවශ්‍ය විදියට බ්ලොග් Category කරගන්න පුළුවන් වෙන එක. මේ settings තියන විදියටම තිබ්බනම් එකෙන් වෙන්නේ අපිට ඕනෑ විදියට බ්ලොග් Category කරන්න බැරිවෙන අතර අදාළ බ්ලොග් එකේ අදාල් post එකට තිබුන Category එක ස්වයන්ක්‍රීයව අදාළ post එකට පැමනීමයි.

Sindi

Feeds and Updates කියන කොටසේ Update Scheduling වල Updates කියන එකේ cron job or manual updates කියන එක නොමැතිව අනිත් දෙකෙන් ඔබ කැමති එකක් තෝරන්න.

දැන් තියෙන්නේ අවශ්‍ය බ්ලොග් add කරන එකයි.

එය පහසුවෙන්ම Syndicated Sites කියන ටැබ් එක හරහා කරගන්න පුළුවන්. ඔබ බ්ලොග් එකක් add කර පසු ඊට අදාළ Category එකත් ඒ page එක හරහාම ඇතුල් කරන්න පුළුවන්.

add blog

සින්ඩියක් හදන එක එතරම් අමාරු නැති නිසා අපි ඉතා සරලව තමයි මේ පැහැදිලි කීරීම කරේ. නමුත් ඔබ WordPress වලට අලුත් කෙනෙක් නම් මේ කියල තියන ඒවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඕනෑම ප්‍රශ්නයක් comment කරලා අහන්න. අපි පුළුවන් විදියකට උදව් කරන්නම්.

5 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has 4 Comments

  1. Ishara Dias

    හොද ලිපියක්.. නමුත් හැබැයි හොද WebHost එකකුත් ඕනේ කරනවා..වැඩේ කරන්න… ඔයිට වඩා සුප්පා Plug-in එකක් තිබ්බා මට දැන් නම මතක නෑ.. කොහෙම උනත් එලස්

    1. Top Sinhala Blog

      ඔව් හොද WebHost එකක්නම් ඕනේ තමයි මේ වැඩේ කරන්න. ඒක තමයි ඉතින් පොඩි අවුලකට තියෙන්නේ.

  2. psyco crimes

    yahoo pipe සේවයත් එක්ක
    Online RSS සේවයක් එකතු කරල මම හැදුව පටිට සින්ඩියක්
    එත් පස්සේ අතැරල දැමිම

    1. TSB Team

      Yahoo Pipes ගැන මීට කලින් අහල තිබුනේ නෑ. ඒක අත්හැරලා දැම්මේ ඇයි?

Leave a Reply