eBay ගැන කිසිම ලිපියක් අපි මේ බ්ලොග් එකේ මීට කලින් පල කරලා නෑ. eBay යනු අන්තරජාලය හරහා අපට අවශ්‍ය ඕනෑම ආකාරයේ භාණ්ඩයක් ගෙදරටම ගෙන්වා ගත හැකි සේවයක් සපයන ලෝකයේ තිබෙන විශාලතම වෙබ් අඩවියක්. මාසයකට බිලියනයකට වඩා වැඩි පිරිසක් මෙම අඩවියට පැමිණෙනවා.
eBay ගැන ලිපියක් අපිට පල කරන්න හිතුනේ අපගේ බ්ලොග් අඩවිය කියවන්නන් කිහිප දෙනෙක්ම ” eBay Sure ද?, අනිවාර්යෙන් ගන්න එක ගෙදරට එයිද? අවේ නැත්තම් මොකද කරන්නේ? ” වගේ ප්‍රශ්න ගොඩක් Facebook හරහා අපෙන් අහලා තිබුන නිසයි
PayHere වැනි වටිනා සේවා ලබා දෙන ධනික අයියා මීට වසර 6කට පමණ පෙර ලිව්ව ලිපි මාලාවක් අපි පහත සටහන් කරලා තිබෙනවා. එම ලිපි වසර 6 කට පමණ වඩා පැරණි උනත් තවමත් ඒවගේ අන්තර්ගත කරුණු වල නිරවද්‍යතාවය අඩු වෙලා නෑ. ඔබට එම ලිපි කියවීම තුලින් eBay එකෙන් මොනවා හරි මිලදී ගන්න තියන බිය අඩුවෙයි.