7 Shares

ඔබගේ පරිගණකය තුල install කර ඇති Software/Programs ඔබට Control panel එකේ ඇති Add or Remove Programs Option එක යටතේ බලා ගන්න පුළුවන්. නමුත් එම List එක Save කර ගැනීමට ඔබට පහසුකමක් එතන දීලා නෑ.

ඔබගේ පරිගණකය තුල Install කර ඇති සියලුම Software/Programs Text File එකකට ලබා ගැනීමේ වැදගත්කම මොකද්ද කියලා සමහර විටක ඔබට සිතෙන්න පුළුවන්. ඔබ නිතරම වගේ ඔබගේ පරිගණකය Format කරන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් දන්නවා එහි ඇති වැදගත් කම. පරිගණකය Format කර පසු කලින් තිබුණු Software ඔබට නැවත Install කරන්න වෙනවා. හුගක් වෙලාවට කලින් තිබුන Software Install කරන්න අමතක වෙන එකට පිලියමක් ලෙස මෙය භාවිතා කරන්න පුළුවන්.

  1. CCleaner ඔබගේ පරිගණකයට මේ වෙන කොටත් ඇතුල් කර නොමැති නම් එය install කරගන්න.
  2. CCleaner Software එක Open කරගන්න.
  3. වම් පස ඇති Menu එකෙන් Tools කියන Option එක Select කරන්න.
  4. Uninstall Tab එක යටතේ පහලම දකුණු පසින් ඇති Save to text File Button එක හරහා ඔබ install කර ඇති සියලුම Software/Programs වල List එකක් ඔබට ලබා ගත හැකිය.

Windows Program List

7 Shares

TSB Team (Admin)

Web Design, SEO සේවා සදහා ranukaweb@gmail.com හරහා අපිව සම්බන්ද කරගන්න.

This Post Has One Comment

  1. shakthi

    ela

Leave a Reply